Monday 29 November 2010

සියවස්කල් දිනේවා........

පොල් ගෙඩියට පනහක්ය
පොල් තෙල් තව මිළය
හාල් හැටට ගත්තත්
මට ඒ මදිය
කන බොන ජාති
මේ තුන හතරට වැඩිය
කඩයට ආවොතින්
මෙහි තතු දත හැකිය.............

දුප්පත්කම නිසා
රස්සාවට ආවේ
දිවි ගැටගහගන්න විය
තව කෙනෙකුගෙ ජීවේ
අත පත් මුදල්
නොදැනිම සුළඟෙහි පාවේ
ඒ දුක දැකලාද
ඔබ හසරැලි පෑවේ............

සියයට පහක් වැඩිවිය
අපෙ සේවයට
බඩු මිළ වැඩිවෙලා මැතිඳුනි
අහසේ උසට
වැඩිවු පඩිය මදි
තුන-පහවත් ගන්ට
ඒකත් තියන් වැඩියෙන්
රට නංවන්ට...........

දුප්පත් අපේ
දුක් ගින්දර නිවන්නට
මතු පරපුරට
රන් අස්වනු නෙලන්නට
රට ජාතිය
සමය ආගම රකින්නට
සියවස්කල් දිනේවා
රට ගොඩ නගන්නට.......

2 comments:

  1. අනේ අම්මප....සහතික ඇත්ත...උ‍‍ඹේ කටේ මසුරං දාන්න වටිනව....මම නම් කියන්නෙ අපේ ආයුෂත් අරං මහරජා දිනේවා කියලයි.....මොකද කාලෙකින්නෙ බිහිවෙන්නෙ මේ වගේ කියන දේ කරන.....කරන දේ කියන නායකයෙක්...(දැක්කනෙ මේ අයවැයෙන් රුපියල් 2500 ක්ම වැඩිකරල දුන්න)

    ReplyDelete
  2. මේ වගේ ඇරෙන්න වෙන මොනව කියන්නද........ අපේ නැති බැරිකම් දන්නෙ අපි විතරයි......හැබැයි මොන විදිහෙන් හරි අපේ දුක කියන්න ඕනි..... හඩා වැටෙන්න නෙවෙයි.....දුක දරාගනිමින්......

    ReplyDelete