Tuesday 1 September 2009

දයාබර ගේ කුරුල්ලාණෙනි.....,

දයාබර ගේ කුරුල්ලාණෙනි.....,
නව යව්වනියකගේ
සුරත රැගෙන
මුළු ලෝකෙටම ඇහෙන්නට
සතුට භුක්ති විදිමින්
එහාටත් - මෙහාටත්
පියාසර කරමින්
නවාතැන්පලක් සෙවූ නුඹට,
අපි
නවාතැන්පලක්
සකසා දුන්නෙමු........

පුංචි පුංචි රොඩු කැබලි
වරින් වර
පුංචි හොටෙන් ගෙනැවිත්
කූඩුවත් තනාගෙන
නුඹ ඇය සමගින්
එහි පදිංචිවේයැයි
අපි සිතූවෙමු....

මාසයක් දෙකක් යන කොට
පුංචිම පුංචි නුඹේ පැටවුන්ට
රස මසවුළු හොයාගෙන ඇවිත්
ඩිංගෙන් ඩිංග කවන අයුරු
දෑසින් බලන්නට,
ඒ පැටවුන්ගේ
හුරතල්ම හුරතල් කිචි බිචිය
අසා රසවිදින්නට
අපි පෙරුම් පිරූවෙමු.....

ඒත්.........,

අපි තැනූ නවාතැන දුටු නුඹ
අපේ අහිංසක බලාපොරොත්තු
සුනු විසුනු කරමින්
ගියේ ඇයි
වෙනතක....................?

එනු මැනවි යළි
මේ ඉම කරා
ඔබට රැකවරණය දෙමුය අපි.........
නිරතුරුව..