Tuesday 28 September 2010

දුකට කියන කවි..............

ගරු සභාපතිතුමා වෙතටයි..........

කිරි ඉල්ලා අඩන පොඩි උන්ගේ කුසට
කිරි බින්දුවක් පොවනට කඩයෙන් ණයට
ගත් ණය නැගී ඇත ගව් ගණනක් උසට
ඔබ හද සැනසේද? අප හද නැගි දුකට.......

මාසය පුරාවට මොනවා හරි කරලා
හොර මැරකම් නොකර ගත දහදිය හෙලලා
ඔබෙ නම රැකෙන්නට මහ පොළවෙහි හැපිලා
ඉන්නා අපට දෙන්නෙ මෙහෙමද? බෙදලා.......

නගරය නගන්නට සුදු ඇදුමින් සැරසී
පෙරටම යන්න ජන හදවත් තුළ ගැවසී
නොපෙනෙන බලවේගෙ වූවා ඔබ හට ඇවසී
වැටුපට තිත තබා ඔබ හද වෙද? සැනසී.........

මාසය ගතවෙද්දි අප හදවත් නිතර
බලනෙමි සිතන්නෙමි ගෙවනා දිවි කතර
නොලැබුනොතින් අපේ මාසික තුටු පඩුර
යදිනෙමි දෙදෙවිලොව දෙවියන් බිම වැතිර

-කුමාර සෙනෙවිරත්න
2010.09.28 වන දින බනස දීය-