Thursday 17 June 2010

මම රැකගමි මගෙ රන් කඳ..........

සඟවන්නට වෙර දැරුවත්
මුතු කැට වන් කඳුළු බිඳක්
ඔබට බැරිය එය කරන්ට
මා අභියස කිසි ලෙසකින්
නොසැලෙමි මම
නොපෙළමි ඔබ
නොතැවෙනු මැන
කිසි ලෙසකින්
මම රැකගමි
මගෙ රන් කඳ
මගෙ දිවියුග තිබෙනා තෙක්..............

Wednesday 2 June 2010

ඉගෙන ගනිං මුළු වැර යොදලා..........

දැනුම ලබන්නට
පියවර ඔසවමි
පාසැල් මෑණියගේ
තුරුල්ලට.......

එනමුදු සොයනා
දැනුම ඒ ලෙසින්
ලැබෙනවාද
පවසම්ද කෙලෙසකට........

ගුරු කම මුදලට
යටවී පෑගී
අන්ත අසරණව
මිය යමින් තිබෙනවිට.....

කාසි පණම්
අත ඇත්නම්
දරුවෙනි
ටියුෂන් කඩ
ඇත මුළු රට වටකොට..........

ඒවට නොගිහින්
විභාග ගත්තට
කිසිම වැඩක් නෑ
කියන නිසා....

වතුපිටි ගේ දොර
උගසට තියලා
දෙමව්පියෝ
දහ දුක් විඳලා........

නුඹලා එවනා නිසාම
දරුවෙනි
ඉගෙන ගනිං
මුළු වැර යොදලා.....