Tuesday 29 April 2014

කයෙහි බැරිකම කිමැයි....

විඩාපත් ඇගිලි තුඩගින්....
සටහන් කරන්නට සිතට ආ යමක්...
වාඩිගත් මොහොතේ...
පරිගණකය අභියස..
රිදුම් දුන් හදවතම...
ඉරිතලයි දසැගිලි තුඩම...
වාරු නැති දෙපා යුග...
තතනයි රැදෙන්නට නුඹ අභියසම...
කිමදැයි නොදන්නෙමි...
කයෙහි ඇති මේ...
බැරිකම....
කිමද මා සිත....
මේ උමතුවෙන් මෙන්.....
ඉකි ගසා වැළපෙමින්...
සිනා සලමින් දසන් අතරින්.....
මදහසද...
කොක් හඩද...
විදුලියක් මෙන්....
වහා දැවෙමින්.....
යටපත් කරමින්...
මහා වේදනාවන්....
වැව් පත්ලක ඇති රොන් මඩක්සේ.....
හසරැළි නංවයි දිය රැළි විලසේ....