Thursday 30 May 2013

මල් වැටුණු පාර දිගේ
තණ පිඩැලි නෙක හිස හොවාන....
මා එන තුරු බලන් හිටියා
පෙර එක් සැන්දෑවක.....

දහසක් පා යුග අතරින්
උස ලොකු බර අඩි අතරේ
මිරිවැඩි සඟලට උරුම නැති
මගේ නිරාවරණ දෙපතුල
සිනිඳු සුසිනිඳු තණපතෙකින්
පිස දමන්නට
පුංචි තණ පඳුරේ නුඹ
බලා සිටියා
බලා සිටියා....
මම දනිමි.....