Monday 31 January 2011

බුද්ධිය යොදවමු..............

සමනල යොවුන් සිත
තැන තැන නොදැන යනු ඇත
බුද්ධියෙ තියුණු නෙත
යොමා වළකනු කඳුළු බිඳු වත

Monday 24 January 2011

මින් ඉදිරියට සම ලෙස සෙත සදපන්නේ...............

මහ මෙර තරම් උස නැති මුත් කඳු සිඛරේ
පණ නළ රැක ගන්න මම නැග්ගෙමි මිතුරේ
මාවත පුරා වැව් දිය ගලනා අතරේ
ගිම්හානය නුඹට හඩ ගැසුවෙත් අඳුරේ

මගෙ හඩ අසාගෙන අද නුඹ ඇවිදිල්ලා
වැසි දිය නොමැත සැම නැත ඇත වියැලීලා
සතියක් උනේ නැහැ නොවැතව කල් යවලා
නුඹගේ පීඩාව මට දැන් හොඳටම දැනිලා

වැස්සට නියඟයට අධිපති දෙවිවරුනේ
මේ මහ පොළව පවතින්නේ නුඹෙ නමිනේ
මිනිසුන් සතුන් වෙත මෙත් සිත පතුරමිනේ
මින් ඉදිරියට සම ලෙස සෙත සදපන්නේ

Monday 17 January 2011

දෙවියනි උඩ බලන් ඉන්න..........

දවස්වලින් ගණන් කළොත් මතකෙට එන්නෑ කියන්න
කොහොම උනත් මම හදන්නේ මගෙ දුක ඔබ හට කියන්න
පසළොස්වක පෝය දවසේ පුර පසළොස්වක හඳ බලන්න
මේ වසරෙදි හැකිවේදැයි නිකමට හරි මට කියන්න

වැස්ස වැටුනෙ මහ පොළවට මිහිකත සිසිලස සදන්න
සිසිලස කොතරම් දරුණුද හදතුළ ගිණි දළු දමන්න
දරු පැටවුන් නෑ මිතුරන් ගං වතුරෙහි ගසා යන්න
මම කළ පව කිම දෙවිඳුනි මේ ලෝකේ තනිකරන්න

ගේ දොරවල් වතුපිටි හැම සියළු දේම නැති කරන්න
වැසි වැටුනා මගේ හිස මත මගේ දිවියම දිය කරන්න
උපන් නමුත් මම තනියම බැහැනේ මේ දුක දරන්න
මගෙ පැටවුන් වතුරෙ ගියා දෙවියනි උඩ බලන් ඉන්න

කැළඹිමක් තියෙන වග..............

පෙරදා පරිද්දෙන් පද වැල් මුමුණන්න
නොහැකිව තිබෙන්නේ ඇයි දෙවියනි විමසන්න
හදතුළ නැගෙන නව සිතුවිලි වලකන්න
කැළඹීමක් තියෙන වග පමණක් දැනගන්න

Friday 14 January 2011

පණ යන එක හොඳා..........

පන් හිඳ අතට ගෙන පෙර මෙන් හැම දාම
ගොතනෙමි ලියන්නෙමි හද නැගි දුක කෝම
මම දුටුවනම නුඹ යන විට නොකියාම
පණ යන එක හොඳා කියලයි මට සිතුනේම

Wednesday 12 January 2011

පෙරදා විලසින් මම පසු වෙන්නම්.............

කටු අකුලින් පිරි වන රොද මැද්දේ
වන මල නුඹ මගේ සිහි ලැල්ලේ.......

දසතින් හමනා මද නළ නුඹෙ වැද
නුඹ කිම මා හා කඳුලැල්ලේ............

හමන මද නළෙහි රැඳුණු විෂක් ඇත
බලනු මැනවි නුඹ විමසිල්ලේ..........

පෙරදා විලසින් මම පසු වෙන්නම්
නුඹ හා නිරතුරු හසරැල්ලේ.............

Tuesday 11 January 2011

මිළක් තියෙනවා........

මල් වැස්සෙ තෙමී යන්න
මුතු කුඩ ඉහලා සිටින්න
පැතූ පැතුම් ඒ කාලේ
දැන් පලදෙනවා............
දැන් පලදෙනවා............

හාල් හැටට
පොල් පනහට
ගන්නටවෙයි කියල එහෙම
ඒ කාලේ නිකමටවත්
පැතුවෙම නැහැනේ.........
හිතුනෙම නැහැනේ..........

මගෙ ළඟ දැවටුන හැටියට
සවනට කෙඳිරූ වදනට
නපුරු බැලුම් කිසිම දිනෙක
ලැබෙයි කියල මේ විලසින්
සිතුවෙම නැහැනේ............
සිතුවෙම නැහැනේ................

ඔබෙන් ලැබුණු සුසුම් සුවඳ
පොල් ගෙඩියේ කිරි සුවඳට
සම කරන්න දැන් නම් මට
මිළක් තියෙනවා.........
මිළක් තියෙනවා........