මල් වැටුණු පාර දිගේ
තණ පිඩැලි නෙක හිස හොවාන....
මා එන තුරු බලන් හිටියා
පෙර එක් සැන්දෑවක.....
දහසක් පා යුග අතරින්
උස ලොකු බර අඩි අතරේ
මිරිවැඩි සඟලට උරුම නැති
මගේ නිරාවරණ දෙපතුල
සිනිඳු සුසිනිඳු තණපතෙකින්
පිස දමන්නට
පුංචි තණ පඳුරේ නුඹ
බලා සිටියා
බලා සිටියා....
මම දනිමි.....
සිතුවිලි පියස
හද විලෙහි මෝදුවන අනන්ත වූ සිතුවිලි විකසිතවන සුවඳවත් තෝතැන්න
Thursday, 30 May 2013
Monday, 18 March 2013
දුනිමි මම දානයක්......
එනවිට උදෑසන මම වේගෙන් වැඩට
නෙත නැවතුනා අසලක දැවටුණු රුවට
පෙර කළ ඇසුර ගලනා විට හද ගැබට
පසුකර යන්න බැරි බව දැනුනා පයට
යන මඟ අතැර නැවතී ආපසු බැලුවා
නුඹ වක ගසාගෙන නිදියාගෙන හිටියා
පින්නෙන් සීතලෙන් පීඩාවන් ඉවසා
කුසගිණී ඉවසගෙන ඉන්නා හැටි දුටුවා
පුංචිම කාලේ නුඹ දැක්කට පස්සේ
අද වන විටදි ගතවන විට හැම තිස්සේ
ගෙදරින් ආවේ කෙලෙසද පැනගෙන රිස්සේ
මට නුඹ ගැන දුකකි නෙතු කඳුළැලි බැස්සේ
ටොමියෝ ටොමියො කියලා මම කතාකළා
වැසු නෙතු පියන් හැර පොඩි බැල්මක් හෙලලා
නිදි ගැට කඩාගෙන පැන වලිගය වනලා
හඳුනා ගත්තෙ මම පෙර මිතුරෙක් කියලා
දෙකකුල් මගේ ලෙවකාගෙන යන කලට
පෙර මිතු දමින් මතු වූ සෙනෙහස් සිතට
කුස ගිණි නිසා වැහැරුණු ඒ බලු කයට
බත් පත දිගැර දී මම ආවෙමි වැඩට
නෙත නැවතුනා අසලක දැවටුණු රුවට
පෙර කළ ඇසුර ගලනා විට හද ගැබට
පසුකර යන්න බැරි බව දැනුනා පයට
යන මඟ අතැර නැවතී ආපසු බැලුවා
නුඹ වක ගසාගෙන නිදියාගෙන හිටියා
පින්නෙන් සීතලෙන් පීඩාවන් ඉවසා
කුසගිණී ඉවසගෙන ඉන්නා හැටි දුටුවා
පුංචිම කාලේ නුඹ දැක්කට පස්සේ
අද වන විටදි ගතවන විට හැම තිස්සේ
ගෙදරින් ආවේ කෙලෙසද පැනගෙන රිස්සේ
මට නුඹ ගැන දුකකි නෙතු කඳුළැලි බැස්සේ
ටොමියෝ ටොමියො කියලා මම කතාකළා
වැසු නෙතු පියන් හැර පොඩි බැල්මක් හෙලලා
නිදි ගැට කඩාගෙන පැන වලිගය වනලා
හඳුනා ගත්තෙ මම පෙර මිතුරෙක් කියලා
දෙකකුල් මගේ ලෙවකාගෙන යන කලට
පෙර මිතු දමින් මතු වූ සෙනෙහස් සිතට
කුස ගිණි නිසා වැහැරුණු ඒ බලු කයට
බත් පත දිගැර දී මම ආවෙමි වැඩට
Wednesday, 2 January 2013
පිණි විසිරයයි...
හද විල් තලයේ
විකසිත කුසුමෙකි
පිණි බිදු පෙතිමත
හසරැළි නංවන
හිරු විකසිත වී
කිරණ හලන සද
මා අතහැර පිණි
ඈතක යනු ඇත.
විකසිත කුසුමෙකි
පිණි බිදු පෙතිමත
හසරැළි නංවන
හිරු විකසිත වී
කිරණ හලන සද
මා අතහැර පිණි
ඈතක යනු ඇත.
Tuesday, 18 December 2012
මා සනසයි....
මම දන්නැ
මේ විදිහට
ලියන්න මට
හිතුනෙ ඇයිද
මට මතකයි
එක දවසක්
නුඹ කීවා.......
මගේ වදන්
ලස්සන බව.....
නුඹගෙ වදන
හිත ඇදිලා
තවමත්
මා සිත
සනසයි.....
ඒ වදනින්
ලද ජීවය
මියෙන තුරුම
මා සනසයි....
මේ විදිහට
ලියන්න මට
හිතුනෙ ඇයිද
මට මතකයි
එක දවසක්
නුඹ කීවා.......
මගේ වදන්
ලස්සන බව.....
නුඹගෙ වදන
හිත ඇදිලා
තවමත්
මා සිත
සනසයි.....
ඒ වදනින්
ලද ජීවය
මියෙන තුරුම
මා සනසයි....
Tuesday, 14 February 2012
සොඳුරියට වදනක්.......
මද නළ සමඟින්
සුවඳ හමාගෙන නුඹ ඇවිදින්
මගෙ හද මැදුරේ......
සිත්තම්කළ රූ
බොඳ කරලන්නට
එපා සොඳුරියේ කිසිම දිනේ......
හදවත සහසක්
පිබිදෙන පැතුමන්
විකසිත වන
පින බර දිනයේ....
නුඹ වෙනුවෙනි මගේ
රිදුනු හදවතින්
සුවඳැති කුසුමන්
අවදි උනේ.........
පිබිදුනු දෑසින් නුඹව
දකින්නට ගෙපැලට
එන්නට පින් ඇතිය......
වැඩිහිටි සැමගේ
දෑස වසාගෙන
කටයුතු රහසින්
කළයුතුය.....
නුඹගේ හදවත
මම හඳුනන්නෙමි
ඒ ගැන මට නම්
සැක නැතිය...
උතුම් ආදරේ
හද පුරවාගෙන
දැන්නම් මට
ඉන්නට බැරිය........
Monday, 6 February 2012
ලියක හැඩුම........
නිදහස සමරන්නට
ජාතික කොඩිය ඔසවන්නට
අමතක උනොත් මට
ලොකු වරදක් වේද සෙට......
කුසගිනි දැනී හඩනා විට පොඩි දරුවන්
මම පිය මනිමි නිතරම කුලියක් සොයමින්
මගෙ ජීවිතේ වැඩි කොටසක් මඟ ගෙවමින්
ගත දිය කරමි සුළඟට සුසුමන් හරිමින්.........
මගෙ පොඩි පුතා මම ගෙට එන වෙලාවට
දුවගෙන එන්නේ පෙන්වා මට සිනා කට
කිසිවක් දෙන්න අත නැතිවූ වෙලාවට
ළය තුළ සුසුම් නෙතගින් එයි කඳුළු කැට...........
පිය සෙනෙහස නොමැති මගෙ ආදර දරුවන්
හරි මඟ යවන්නට නිසි ඔවදන් දෙවමින්
මා ගන්නා වෙහෙස දෙස දෙසවන් යොමමින්
මා ගොඩ ගනු මැනවි කක්කුට්ටන් අතරින්.........
දින සති මාස විලසින් කාලය යනවා
තෙල් බේරෙන මගේ රූ සිරු වැහැරෙනවා
මගෙ පොඩි පැටව් දන්නෙම නෑ ලොකු වෙනවා
එතකං මටත් ජීවත්වන්නට වෙනවා..........
සමනල ජීවිතේ ලත් අත් තටු සලමින්
නුඹ ගැබ සරන්නට නිදහස් සියොතුන් විලසින්
මම සැරසුනත්සියුමැලි තටු පෙර විලසින්
ඉහළට ගියේ නැත ගෙන දුන්නා රිදුමන්..............
ජාතියකට යට උණු ජාතිය ගොඩ ගන්න
ඒ ජාතියෙම ප්‍රභලෙක් සවියට ඉන්න
මොහොතක අපේ සිත් සතුටින් පුරවන්න
හැකිනම් යෙහෙකි දියුණෙන් දියුණට යන්න...........
Sunday, 29 January 2012
නුඹට මගේ පෙම හොඳින් දැනෙනු ඇත...........
පාවී යන මුදු සිහිල් වලාවෙක
මා ගත සිත අද පා වී යනු ඇත
නුඹ වෙනුන් මා පැතු හැම පැතුමම
නුඹත් සමඟ මිහිමත තනිවනු ඇත.....
නුඹේ ළඟින් තනි කම දුරලන්නට
මා සිටි බව නුඹේ හිතට දැනෙනවද
අද මා වෙනතක පාවී යන කළ
නුඹට මගේ පෙම හොඳින් දැනෙනු ඇත...........
මා ගත සිත අද පා වී යනු ඇත
නුඹ වෙනුන් මා පැතු හැම පැතුමම
නුඹත් සමඟ මිහිමත තනිවනු ඇත.....
නුඹේ ළඟින් තනි කම දුරලන්නට
මා සිටි බව නුඹේ හිතට දැනෙනවද
අද මා වෙනතක පාවී යන කළ
නුඹට මගේ පෙම හොඳින් දැනෙනු ඇත...........
Subscribe to:
Posts (Atom)