Friday 19 December 2014

පෙර මඟ බලා හිඳිමි

පෙනෙන තෙක් මානයේ
දෑස් කෙවෙනි රිදුම් දෙන තුරු
කඳුළු බිඳු නෙතගින් පනිනද්දී
විවරව කවුළු පියන්පත්
ඉකි බිඳී යෞවනය
ගෙවී යන නිසාවෙන්
නුඹ නොමැත
රිදුම් දෙන ඉසව්වේ....

No comments:

Post a Comment