Tuesday 18 December 2012

මා සනසයි....

මම දන්නැ
මේ විදිහට
ලියන්න මට
හිතුනෙ ඇයිද
මට මතකයි
එක දවසක්
නුඹ කීවා.......
මගේ වදන්
ලස්සන බව.....
නුඹගෙ වදන 
හිත ඇදිලා
තවමත්
මා සිත 
සනසයි.....
ඒ වදනින්
ලද ජීවය
මියෙන තුරුම 
මා සනසයි....


Tuesday 14 February 2012

සොඳුරියට වදනක්.......

මද නළ සමඟින්
සුවඳ හමාගෙන නුඹ ඇවිදින්
මගෙ හද මැදුරේ......
සිත්තම්කළ රූ 
බොඳ කරලන්නට
එපා සොඳුරියේ කිසිම දිනේ......

හදවත සහසක්
පිබිදෙන පැතුමන්
විකසිත වන
පින බර දිනයේ....
නුඹ වෙනුවෙනි මගේ
රිදුනු හදවතින් 
සුවඳැති කුසුමන්
අවදි උනේ.........

පිබිදුනු දෑසින් නුඹව 
දකින්නට ගෙපැලට
එන්නට පින් ඇතිය......
වැඩිහිටි සැමගේ 
දෑස වසාගෙන
කටයුතු රහසින්
කළයුතුය.....

නුඹගේ හදවත
මම හඳුනන්නෙමි
ඒ ගැන මට නම් 
සැක නැතිය...
උතුම් ආදරේ
හද පුරවාගෙන
දැන්නම් මට 
ඉන්නට බැරිය........

Monday 6 February 2012

ලියක හැඩුම........

නිදහස සමරන්නට
ජාතික කොඩිය ඔසවන්නට
අමතක උනොත් මට
ලොකු වරදක් වේද සෙට......

කුසගිනි දැනී හඩනා විට පොඩි දරුවන්
මම පිය මනිමි නිතරම කුලියක් සොයමින්
මගෙ ජීවිතේ වැඩි කොටසක් මඟ ගෙවමින්
ගත දිය කරමි සුළඟට සුසුමන් හරිමින්.........

මගෙ පොඩි පුතා මම ගෙට එන වෙලාවට
දුවගෙන එන්නේ පෙන්වා මට සිනා කට
කිසිවක්  දෙන්න අත නැතිවූ වෙලාවට 
ළය තුළ සුසුම් නෙතගින් එයි කඳුළු කැට...........

පිය සෙනෙහස නොමැති මගෙ ආදර දරුවන්
හරි මඟ යවන්නට නිසි ඔවදන් දෙවමින්
මා ගන්නා වෙහෙස දෙස දෙසවන් යොමමින්
මා ගොඩ ගනු මැනවි කක්කුට්ටන් අතරින්.........

දින සති මාස විලසින් කාලය යනවා
තෙල් බේරෙන මගේ රූ සිරු වැහැරෙනවා
මගෙ පොඩි පැටව් දන්නෙම නෑ ලොකු වෙනවා
එතකං මටත් ජීවත්වන්නට වෙනවා..........

සමනල ජීවිතේ ලත් අත් තටු සලමින්
නුඹ ගැබ සරන්නට නිදහස් සියොතුන් විලසින්
මම සැරසුනත්සියුමැලි තටු පෙර විලසින්
ඉහළට ගියේ නැත ගෙන දුන්නා රිදුමන්..............

ජාතියකට යට උණු ජාතිය ගොඩ ගන්න
ඒ ජාතියෙම ප්‍රභලෙක් සවියට ඉන්න
මොහොතක අපේ සිත් සතුටින් පුරවන්න
හැකිනම් යෙහෙකි දියුණෙන් දියුණට යන්න...........


Sunday 29 January 2012

නුඹට මගේ පෙම හොඳින් දැනෙනු ඇත...........

පාවී යන මුදු සිහිල් වලාවෙක
මා ගත සිත අද පා වී යනු ඇත
නුඹ වෙනුන් මා පැතු හැම පැතුමම
නුඹත් සමඟ මිහිමත තනිවනු ඇත.....

නුඹේ ළඟින් තනි කම දුරලන්නට
මා සිටි බව නුඹේ හිතට දැනෙනවද
අද මා වෙනතක පාවී යන කළ
නුඹට මගේ පෙම හොඳින් දැනෙනු ඇත...........















Saturday 14 January 2012

මා ළය සනසා සතපා ලන්නට ඇයි ඔබ තවමත් මැලිවන්නේ.................

සුදු පාට පිණි වැටුන
මල් මල් මාවතේ.....
පාවී පාවී ඈතට ඈතට
යන්නට ඇත්නම්.....


නුඹේ සුමුදු සුරත රැගෙන........


කුස ගිනි නොදැනෙන
විඩාව නොදැනෙන
දුකක් වේදනාවක් 
කුමක්ද නොසිතෙන.........


ඒ සමනල් මාවත
කොයි අත ඇතිදෝ......


ඒ ලස්සන ලොව 
මා වෙත එන සඳ
නුඹ විතරක්
මගේ ලඟම හිඳිනවද...


දුක ශෝකය ළය
පලා දවන කල
මා ඇසුරින් නුඹ 
පලාන යනවද.....


ළය මත රඟ දෙන 
සුමුදු සුසුම් පොදි
අද හෙට මා අත
ගුලිකර ගන්නද.........


නුඹ ළඟ ඇති සඳ
පියා සලා යන 
ඒ සුසුමන් ඇයි යළි එන්නේ.....
මා ළය සනසා
සතපා ලන්නට
ඇයි ඔබ තවමත්
මැලිවන්නේ.................

Thursday 12 January 2012

මම උෙදන්ම අාෙව් වැට අයිනට අැයිදැයි මම ෙනාදනිමි.... කදු මතින් හිනැෙහද්දී හිරු කුමරු මුළු ෙලා්කයටම මම බලා සිටියා..... මා හදවතේ මල් පීෙදන්න නුඹ ද සිනාෙස්වි යැයි කියා මා සමගින්....... රැය පුරා නිදි වරා පහන් කළ යාමයෙ..... ඒකදු සිහිනයක ෙහා් දැවටී... දැවටී නුඹගෙ සුදු මුහුණ බලන්නට සැන්දෑෙව් ඉදන් මම ෙපරුම් පිරූ හැටි දනී මහද පමණක්ම...... ෙලාවට අැෙසන්නට හඩා වැෙටන්න බෑ මට ෙලා්කයා අසාවි අැයිදැයි කියා මා හඩා වැටුෙනාතින් කුමක් කියන්නද නුඹ සිනාෙසන්ෙන නැහැ කියා කියන්නද නුඹ සිනාෙසන්ෙන නෑ කියා...... ෙසාදුරු සිහිනයේ මා සතපවාලන්න සිනාෙසනු මැනවි මා හද සනසා නුෙඹන් ෙතාර ෙලාකයක් ගැන ෙකසේ සිතන්නද මා කියා.....