Saturday, 14 January 2012

මා ළය සනසා සතපා ලන්නට ඇයි ඔබ තවමත් මැලිවන්නේ.................

සුදු පාට පිණි වැටුන
මල් මල් මාවතේ.....
පාවී පාවී ඈතට ඈතට
යන්නට ඇත්නම්.....


නුඹේ සුමුදු සුරත රැගෙන........


කුස ගිනි නොදැනෙන
විඩාව නොදැනෙන
දුකක් වේදනාවක් 
කුමක්ද නොසිතෙන.........


ඒ සමනල් මාවත
කොයි අත ඇතිදෝ......


ඒ ලස්සන ලොව 
මා වෙත එන සඳ
නුඹ විතරක්
මගේ ලඟම හිඳිනවද...


දුක ශෝකය ළය
පලා දවන කල
මා ඇසුරින් නුඹ 
පලාන යනවද.....


ළය මත රඟ දෙන 
සුමුදු සුසුම් පොදි
අද හෙට මා අත
ගුලිකර ගන්නද.........


නුඹ ළඟ ඇති සඳ
පියා සලා යන 
ඒ සුසුමන් ඇයි යළි එන්නේ.....
මා ළය සනසා
සතපා ලන්නට
ඇයි ඔබ තවමත්
මැලිවන්නේ.................

No comments:

Post a Comment