Friday 19 December 2014

ආදරය

සොඳුරිය නුඹට මම ආදරෙ කරන             තරන්
පෙන්වමි දිනෙක දෝතින් මගෙ තුරුලෙ   තියන්
ආදර නදිය හරවා කිරි සයුර                    මැදින්
සුදු පරෙවියන් යුවලක් වෙමු බැඳුණු      පෙමින්

පෙර මඟ බලා හිඳිමි

පෙනෙන තෙක් මානයේ
දෑස් කෙවෙනි රිදුම් දෙන තුරු
කඳුළු බිඳු නෙතගින් පනිනද්දී
විවරව කවුළු පියන්පත්
ඉකි බිඳී යෞවනය
ගෙවී යන නිසාවෙන්
නුඹ නොමැත
රිදුම් දෙන ඉසව්වේ....

Wednesday 10 December 2014

සියපත ද වියත් ය

දිනකර අවරගිරෙහි
ඇඟව ගොසින් ය....
ඔබ මොබ සැරි සැරූ
බමරිඳු ද නිහඬ ය.....
පෙරඹරෙහි අවදිව
විහිදුවා සියපත්
බමරිඳු වඩින තෙක්
ප්‍රමුදිතව
විකසිතව හිඳි
සියපත ද
වියපත් ය....