Tuesday 14 February 2012

සොඳුරියට වදනක්.......

මද නළ සමඟින්
සුවඳ හමාගෙන නුඹ ඇවිදින්
මගෙ හද මැදුරේ......
සිත්තම්කළ රූ 
බොඳ කරලන්නට
එපා සොඳුරියේ කිසිම දිනේ......

හදවත සහසක්
පිබිදෙන පැතුමන්
විකසිත වන
පින බර දිනයේ....
නුඹ වෙනුවෙනි මගේ
රිදුනු හදවතින් 
සුවඳැති කුසුමන්
අවදි උනේ.........

පිබිදුනු දෑසින් නුඹව 
දකින්නට ගෙපැලට
එන්නට පින් ඇතිය......
වැඩිහිටි සැමගේ 
දෑස වසාගෙන
කටයුතු රහසින්
කළයුතුය.....

නුඹගේ හදවත
මම හඳුනන්නෙමි
ඒ ගැන මට නම් 
සැක නැතිය...
උතුම් ආදරේ
හද පුරවාගෙන
දැන්නම් මට 
ඉන්නට බැරිය........

Monday 6 February 2012

ලියක හැඩුම........

නිදහස සමරන්නට
ජාතික කොඩිය ඔසවන්නට
අමතක උනොත් මට
ලොකු වරදක් වේද සෙට......

කුසගිනි දැනී හඩනා විට පොඩි දරුවන්
මම පිය මනිමි නිතරම කුලියක් සොයමින්
මගෙ ජීවිතේ වැඩි කොටසක් මඟ ගෙවමින්
ගත දිය කරමි සුළඟට සුසුමන් හරිමින්.........

මගෙ පොඩි පුතා මම ගෙට එන වෙලාවට
දුවගෙන එන්නේ පෙන්වා මට සිනා කට
කිසිවක්  දෙන්න අත නැතිවූ වෙලාවට 
ළය තුළ සුසුම් නෙතගින් එයි කඳුළු කැට...........

පිය සෙනෙහස නොමැති මගෙ ආදර දරුවන්
හරි මඟ යවන්නට නිසි ඔවදන් දෙවමින්
මා ගන්නා වෙහෙස දෙස දෙසවන් යොමමින්
මා ගොඩ ගනු මැනවි කක්කුට්ටන් අතරින්.........

දින සති මාස විලසින් කාලය යනවා
තෙල් බේරෙන මගේ රූ සිරු වැහැරෙනවා
මගෙ පොඩි පැටව් දන්නෙම නෑ ලොකු වෙනවා
එතකං මටත් ජීවත්වන්නට වෙනවා..........

සමනල ජීවිතේ ලත් අත් තටු සලමින්
නුඹ ගැබ සරන්නට නිදහස් සියොතුන් විලසින්
මම සැරසුනත්සියුමැලි තටු පෙර විලසින්
ඉහළට ගියේ නැත ගෙන දුන්නා රිදුමන්..............

ජාතියකට යට උණු ජාතිය ගොඩ ගන්න
ඒ ජාතියෙම ප්‍රභලෙක් සවියට ඉන්න
මොහොතක අපේ සිත් සතුටින් පුරවන්න
හැකිනම් යෙහෙකි දියුණෙන් දියුණට යන්න...........