සීමා සහිත ජනතා සන්තක ප්‍රවාහන සේවා සමාගමකට අයත් බළන්ගොඩ ඩිපෝවේ පුහුණුවන ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පියෙක් වශයෙන් සේවය කළ මම සවස 5.00 ට පමණ සේවය නිමාකළෙමි. මිරිස්වත්තේ පිහිටි ඩිපෝවේ සිට බළන්ගොඩ බස් නැවතුම්පළ දක්වා පැමිණි බසයක නැගී මම බස් නැවතුම්පළට පැමිණියෙමි.
බස් නැවතුම්පලේ සිට ඌව තැන්න දක්වා ධාවනය වන බස් රථය සවස 5.15 ට ගමනාරම්භ කිරීමට නියමිතව තිබුණද ඩිපෝවේ සේවය නිමාකර පැමිණෙන කිහිප දෙනෙක්ම පැමිණීමට සිටි බැවින් ඔවුන් පැමිණෙනතුරු විනාඩි කිහිපයක් සිටියේය. බසයට ගොඩවුණු මම එහි මධ්‍යයට ගියෙමි. මා පැමිණෙනවිට රථයේ අසුන් සියල්ලම මගීන්ගෙන් පිරීගොස් තිබුනේය. මම අසුන් දෙකක ඇඳි දෙඅතින් අල්ලාගෙන සමබරවූයෙමි. බස් රථය සෙමෙන් සෙමෙන් බස් නැවතුමෙන් මාවතට ගනිමින් තිබුනේය. බස් නැවතුමේ කොහේදෝ කෙළවරක සිට දිව ආ වයස අවුරුදු දහයක පමණ වයසැති කුඩා ළමයෙක් කිසිදු අවදානමක් පිළිබඳ නොසිතා මාවතට ගනිමින් තිබූ බසයට ගොඩවුනේය. ඔහුගේ දෑතෙහිම තරමක් දුරට පිරීගිය මළු දෙකක් විය. පිටුපසින් ඔහු බසයට ගොඩවනු දුටුවද එම සිද්ධිය එසැනින් මසිතින් ගිලිහුනේ මාවතෙහි වූ වෙනත් දේවල් කෙරෙහි මගේ අවධානය යොමුවූ බැවිනි.
මාවතට ගත් බසය වෙිගය වැඩි කරමින් ඉදිරියට ඇදී ගියේය. මමද මඟ විසිතුරු නරඹමින් සිටියෙමි. එක පාරටම මාව පසෙකට තල්ලුකරමින් කිසිවකු ඉදිරියට යනු දැණුනු බැවින් සමබරතාවය අනපේක්‍ෂිත ලෙෂ බිඳී යාම නිසා කෝපවූ මම එදෙසට හැරී බැලුවෙමි.
“කවුද මේ තල්ලු කරන්නෙ....” යි මම කෝපය මැඩ ගනිමින් කිවෙමි. මුහුණ පුරා නාවර පෙරාගත් වසය අවුරුදු දහයක් පමණ වූ කුඩා ළමයා දෑතින්ම බෑග් දෙකත් රැගෙන තල්ලූවී ඇවිත් මාවද තල්ලුකරමින් ගොස් ඉදිරියේවූ අසුනක ඇන්දක එල්ලී නතරවිය. ඔහු දෙස බැලූවන්ට කිසිදු ප්‍රසන්න භාවයක් ඇති නොවුනේ ඔහුගේ අපිරිසිදු භාවය නිසාය. ඔහු හැඳ සිටි තැනින් තැන ඉරී ගිය කොළ පැහැති ටී ෂර්ටය කූණු ගෑවීම නිසාම දුර්වර්ණව පෙනුනේය. නිල් පැහැති පාසැල්යාම සඳහා ඇඳීමට ගන්නා ලද කොට කලිසමද එයට වඩා දුර්වර්ණය. දින කිහිපයක සිට මුහුණ සෝදා නොතිබූ අතර අත් පා ද එලෙසම කිළිටි වී තිබුණේය.
අසුනෙහි ඇන්ද අල්ලාගෙන සිටි ඔහු තම දෙපා අසල තබාගෙන සිටි බෑගයන් කෙළින් තබා ගැනීමට වරින් වර බොහෝ උත්සාහයක යෙදුනේය. රථය වංගුවකින් හැරෙන විට ඇතිවන වේගයේ අඩු වැඩිවීම නිසා ඔහුගේ බෑගයන් බිම පෙරළී විසිවී ගියේය. එවිට ඔහු පහත්වී එම බෑගයන් ළඟට ගෙන කෙළින් තබාගන්නේය. එම බෑගයන් අතින් මුදාහල විට නැවතත් පෙරළි යන්නේය. ඔහු බසයෙන් බසිනතුරුම මෙසේ වූ අතර ළඟ සිටි කාන්තාව මුහුණ ඉවතට හරවාගෙන සිටියා විනා ළමයා දෙස හොරැහින්වත් නොබැලුවේය. සමහරවිට සිටගෙන සිටි මට වඩා ඇයට ළමයාගෙන් ගන්ධයක් වහනය වූවාද විය හැකිය.
විනාඩි පහළොවක පමණ කාලයක් ගෙවා දමමින් රථය තුඹගොඩ බස් නැවතුමට පැමිණියේය. බසය නතරකළ සැණින් බෑග් දෙක අතට ගත් ළමයා මිටින් හළ කුරුල්ලෙක් මෙන් රථයේ ඉදිරි දොරටුවෙන් බැස ගියේය. ඔහු බස් නැවතුමේ කෙළවරකට ගොස් බෑග් දෙක තබනයුරු මම බලා සිටියෙමි. කමීසයේ සාක්කුව අතගා බැලූවෙය. ඇඳ සිටි කලිසමේ සාක්කුවකට අත දැමූ ඔහු එහිවූ පොඩිවී ගිය ලේන්සුවක් ද ගසා බලා නැවතත් සාක්කුවට දමා ගත්තේය. ඉන් පසු අනෙක් සාක්කුවටද අත දමා එය එළියටම ඇද බැලුවේය. නැවතත් කල බලයෙන් මෙන් අනෙක් සාක්කුවද බැලුවේය. බෑග් දෙක විවිරකළ ඔහු ඒවාද අවුස්සා බැලුවේය. බෑග් දෙක එතැනම තිබියදී බසයේ පිටුපස දොර අසලට ඔහු දිව ආවත් මගීන් කිහිප දෙනෙක්ම බසයට ගොඩවෙමින් තිබුණු බැවින් ඔහුට එහි ගොඩවීමට නොහැකිවිය. ඔහු නැවතත් තම බෑගයන් වෙත ගොස් ඒවා අවුස්සන්නටවූවේය. ඔහු සොයන්නේ කුමක්දැයි සිතූ මම බසය තුළ ඔහු සිටි තැන බිම බැලූවෙමි මටද එහි එකවරම කිසිවක් නොපෙනුනේය. මම එදෙස පරීක්‍ෂාවෙන් බලා සිටියෙමි. මඟීන් කිහිප දෙනා එහාට මෙහාට යන විට ඔවුන්ගේ පාදයන්හි ගැටෙමින් එහෙට මෙහෙට ඇදී යන කළු පැහැති පැතලි යමක් මා නෙත ගැටුණි.
“ය...තු...ර....ක්....” මොහොතක් බලා සිටි මම එය හඳුනා ගත්තෙමි. මම වහා දරුවා දෙස බැලුවෙමි. බසය මාවතට ගනිමින් තිබුනේය. මම කවුළුව තුළින් ඔහු දෙස බැලුවෙමි.
“අඬ අඬා බස් එක පස්සෙන් දුවනව නේද....” යි මටම සිනුණි. සැබවින්ම ඔහු ටික දුරක් බසය පස්සෙන් දිව ආවේය. බසයේ වේගය වැඩිවුනේය.
“ අනේ අර දරුවෙක් බස් එක පස්සේ දුවගෙන එනවා නේද?....” යි පැවසීමට පවා කිසිවෙක් එම ළමයා කෙරේ අවධානයකින් පසු නොවුණි. එසේ දරුවා හඩන්නේ මන්දැයි විමසීමට පවා කෙනෙකු ඉදිරිපත් නොවීම කොතරම් අභාග්‍යයක්දැයි මම කල්පනා කලෙමි.
“මේ යතුර දරුවාගේ නිවසට ඇති එකම යතුර වෙන්නඇති....” යි මම මටම කීවෙමි. බසය මාවත දිගේ ඉදිරියටම ඇදී යයි. වෙන කළ යුතු කිසිම දෙයක් නැත. මම ඉක්මණින් යතුර අහුලා ගතිමි. ඉක්මණින් රථයේ ඉදිරි දොරටුව වෙතට ගියෙමි. රථය නතරකරනු ලබන ඊළඟ නැවතුමද පසුවිය.
“අයියේ... පොඩ්ඩක් මාව දාල යන්න....” යි මම රියදුරු අමතා කීවෙමි. මදෙස බැලූ ඔහු බසය නතරකලේ විශ්මයාර්ථයක් මුහුණට ආදේශ කරගනිමිනි. ඒ මම වෙනත් දිනවල එම ස්ථානායෙන් නොබැසීමවිය හැකිය. උදාවී ඇති තත්ත්වය ඔහුට පැහැදිලි කිරීමට වේලාවක් නොවීය. කුඩා ළමයා වෙනත් කොහේට හෝ ගිය හොත් මගේ මහන්සිය අපතේ යන්නේය. රථයේ වේගය අඩු වෙත්ම මම පැන ගතිමි.
“පොඩි එකාව ඉන්නවද දන්නෙත් නැහැ....”යි සිතමින් මම යුහුසුළු ගමණින් තුඹගොඩ බස් නැවතුම දෙසට එන්නටවුනෙමි. මගේ කලබලය නිසා මම මඟදී හමුවන කිහිප දෙනෙකුගේ ඇඟේද හැප්පෙන්නටගියේය. ඔවුන්ගෙන් සමාව අයැදීමට පවා මට වේලාවක් නොතිබුණි. සමහරු නොරුස්සනා බැල්මක්ද හෙලනු මම දුටුවෙමි. කිරිඳගල පල්ලිය අසල සිට තුඹගොඩ බස් නැවතුමට සැතපුම් කාලක පමණ දුරක් ඇත. මම විනාඩි කිහිපයක් ඇතුළත එම දුර ගෙවාගෙන පැමිණියෙමි. බස් නැවතුමට පැමිණෙන ගමන්ම මම කුඩා ළමයා සිටී දැයි ඈත සිටම විමසිලිමත් වුනෙමි. ඔහු පෙර සිටි ස්ථානයේ පෙනෙන්නට නොසිටියේය. මගේ උත්සාහය අසාර්ථකදැයි මම කල්පනා කළෙමි. මම බස්නැවතුමටම පැමිණියෙමි.
“අර දැන් පොඩ්ඩකට කලින් මෙතන නවත්වල ගිය බස් එකෙන් බැහැපු පොඩි ළමය කොයි පැත්තටද ගියේ.......”යැයි මම බස්රථයක් එනතුරු එහි රැඳී සිටි මගියෙකු අසලට ගොස් විමසුවෙමි. මා බසයතුළ සිට ළමයාගේ ක්‍රීයාවන් නීරීක්‍ෂණය කරද්දී ඔහුද එහි සිටිනු මම දැක තිබුණෙමි.
“අර බෑග් දෙකුත් අත්දෙකෙන් එල්ලගෙන හිටිය ළමයනේද?....” යි ඔහු මගෙන් විමසුවේය.
“ඔව්.....ඔව්.....එයා තමයි...” යි මම දැඩි උනන්දුවෙන් යුතුව කීවෙමි.
“මහිතේ එයා බොහෝම අමාරුවෙන් වගේ මෙන්න මේ පැත්තට ගියා..... වැඩි දුරක් යන්න නම් නැහැ....”යි පැවසු ඔහුද බස් නැවතුමට පැමිණි බසයකට නැඟීම පිණිස ගියේය. ළමයා ගමන්කළ දෙසට මමද ගමන් කළෙමි. මාවත ඉදිරියෙන් දෙකකට බෙදෙන මංසන්ධියක් විය. මම ගමන්කළ මාර්ගයට වඩා ඉහළින් කඳුගැටයක් මතින් එම අනෙක් මාර්ගය විහිදී තිබුණේය. මා ගමන්කළ මාර්ගයේ ඉදිරියෙන් කුඩා ළමයා ගමන් කරනු ඇත්දැයි මම ඈතටම දෑස යොමුකරමින් බැලුවෙමි. ඔහු එම මාර්ගයේ ඉදිරියේ නොසිටියේය.
“එහෙනම් ඔහු උඩ පාරට යන්න ඇති....”යි සිතූ මම උඩ පාරට ගියෙමි. එම මාර්ගය දිගේ ඉදිරියටද බැලුවේ බෑග් දෙකක් දෑතින් ගෙන ඇවිද යන කුඩා ළමයෙක් දකින රිසියෙන්ය. එවන් දසුනක් මගේ නෙතට හසු නොවුණි. මම එක තැන නැවතී තවත් විපරමින් එම මාර්ගය දෙසම බලා සිටියෙමි. මාර්ගයේ මඳක් ඈතින් පිහිටි විදුලි කණුවක් අසල බෑගයක් තිබෙනු දුටු මම එතැනට ගියෙමි. කුඩා ළමයා ඔහුගේ බෑග් දෙකද බිමින් තබාගෙන එම කණුවට පිටදී සිටියේය. මම ඔහු අසලටම ගියෙමි. ඔහු අඬමින් සිටියේය. නාවර පෙරුණු කම්මුල් දිගේ කඳුළුධාරාවන් ගලා ආවේය. බොර පැහැති දෙනෙත් තවත් බොරපැහැවී ගොසින් තිබුණේය. කම්මුල්වල කඳුළු ගලා යාම නිසා ඇතිවූ තෙත පාරවල් එහි ඇඳි ඉරි දෙකක් මෙන් පෙණුනේය.
“මේ..... ඇයි ඔයා අඬන්නේ.......” යි මම හෙමිහිට බොහෝම සෙමෙන් මුත් ළයාන්විතව ඔහුට ඇසෙන සේ විමසුවෙමි. මගේ හඬ ඔහුට ඇසුණේය. ඔහු සෙමෙන් සෙමෙන් දෑස් විවිර කර මදෙස බැලුවේය.
“ඇයි ඔයා ඔතනට වෙලා අඬන්නේ....” යි මම නැවතත් ඔහුගෙන් විමසුවේ මද සිනහවකින් මගේ මුවග සරසාගෙනය.
“මගේ යතුර නැතිවෙලා..... මට ගෙදර යන්න විදිහක් නෑ......”යි ඔහු කෙඳුරුමක හඬින් මා සමඟ කීවේය.
“ඔයා කොහේද යතුර තියාගෙන හිටියේ.....” යි මම ඔහුගෙන් නැවත ඇසුවෙමි. එකපාරටම යතුර නොදී ඔහුගේ විස්තර ටිකක් හෝ අසා ගැනීමට මම සිතුවෙම්.
“මගේ මේ සාක්කුවේ තමයි දාගෙන හිටියේ....” යි ඔහු ඔහුගේ ටී ෂර්ටයේ වූ සාක්කුව මට පෙන්වමින් කීවේය. බසයතුළ සිට ඔහු ඔහුගේ සාක්කු පිරික්සන අයුරු මම නිරීක්‍ෂණය කළෙමි. මෙසේ ඔහුගෙන් ප්‍රශ්ණ කිහිපයක් ඇසීමට පෙළඹුනේ මන්දැයි මමම නොදන්නෙමි.
“ඉතින් ඔයා හොඳට බැලුවද?....” යි මම නිකමට මෙන් තවත් පැණයක් ඇසුවෙමි. ඒ වෙලාවේ මගේ හිතට අසන්නට වෙනත් ප්‍රශ්ණයක්ද නොආවේය.
“ඔවි මං හොඳට බැලුවා.... මගේ කලිසමේ සාක්කුත් බැලුවා.... මගේ බෑග් දෙකත් බැලුවා.... ඒ කොහේවත් තිබුනෙ නෑ......” යි ඔහු නැවතද හැඬුම් ස්වරයෙන් කීවේය. මේ වන විට ඔහු පිළිබඳ ඇතිවී තිබුණු අනුකම්පාව දෙගුණ තෙගුණ වනු දැනුනේය.
“ඔයාගෙ ගෙවල් කොහෙද තියෙන්නේ....” යි මම තවත් ටිකක් ඔහුට සමීපවෙමින් ඇසුවේය.
“මේ ළඟ කිවුලෙවෙලේ තමයි අපේ ගේ තියෙන්නෙ....”යි ඔහු මගේ ප්‍රශ්ණයට නොපැකිලව පිළිතුරු දුන්නේය. කිවුලේ වෙල යනු මේ ප්‍රදේශයේ ඇති ඉතා දිළිඳු පවුල් කිහිපයක් පමණක් වෙසෙන කුඩා ගම්මානයකි. එහි වාසය කරන අය පහත් යැයි සමාජය විසින් සම්මත කරන ලද පිරිසක් වූ අතර ඔවුන්ගේ ජීවන වෘත්තීන්ද ඒ අනුවම හැඩගැසී තිබුණේය. පිරිසිදුකම යන්න ඔවුන්ට සිහිනයක් බවට පත්වී තිබුණේ ඒ නිසා වෙන්නට ඇත.
“ඔයත් එක්ක ගෙදර තව කවුද ඉන්නේ....”යි මම ඔහුගේ පවුල් පසුබිම දැනගනු රිසින් ඇසුවෙමි.
“තාත්තයි මමයි විතරයි ඉන්නෙ....”
“ඇයි අම්ම....”
“තාත්ත මට කිව්වෙ අම්ම වෙන මාමා කෙනෙක්ගේ ගෙදරක ඉන්නව කියල. මං අම්මව දැකල නෑ එයා අපේ දිහා එන්නෙ නෑ....” යි ඔහු කියාගෙන ගියේය. එම කාන්තාව මේ පොඩි දරුවා සහ ස්වාමියා හැරගොස් වෙන විවාහයක් කරගෙන ඇති බවට මම අනුමාන කළෙමි. දරුවාට තම මව නැති ශෝකය කෙබඳු විය හැකිද? නමුත් ඒ පිළිබඳව තවදුරටත් විමසා ඔහු අපහසුතාවයට පත් කිරීමට මම නොසිතුවෙමි.
“ඉතිං දැන් කෝ තාත්තා....”යි මම ඔහුගේ අදහස් වෙනතක යොමු කරන අදහසින් ඇසුවෙමි. දැන් ඔහුගේ ඇඩුම නැවතී ඇත. එනමුත් ඉඳහිට නැගෙන ඉකිබිඳුමක් පමණක් ශේෂව ඇත. මා අසන ප්‍රශ්ණවලට ඔහු කැමැත්තෙන් මෙන් පිළිතුරු දුන්නේ වෙනත් කිසිවෙක් මේ අයුරින් ඔහු සමඟ සුහදව කතා නොකරන නිසා වියහැකියැයි මම අනුමාන කළෙමි.
“තාත්ත අර ටවුමෙ ගෙදරක කාණුවක් කපනවා..... ඒ ගෙදර මහත්තය කිව්ව තාත්තට ඒක කපල ඉවරවෙලාම යන්න කියලා..... තාත්තා එන්න තව වෙලා යන හින්ද මට ගෙදර යතුර දුන්නා.... ගෙදර ගිහිං පාං කන්න සම්බෝලයකුත් හදන්න කියලා තාත්තා මට කිව්වා..... මට පොත් පාඩංකරන්නත් තියෙනවා..... දැං යතුර නැතුව මං ගෙට යන්නෙ කොහොමද?....” යි පැවසූ ඔහු නැවත හඬන්නටවූවේය.
“කොහේද පුතේ ඔයාගෙ යතුර වැටෙන්න ඇත්තෙ....”
“මං ආපු බස් එකේ තමයි වැටෙන්න ඇත්තෙ....”
“කෝ ඒ බස් එක...”
“ඒක ගියා....” යි ඉකි බිඳිමින්ම ඔහු කීවේය. තරමක් බොර පැහැකි දෙඇස සැනෙකින් රතු වූ අතර ලොකු කඳුළු ගුලි දෙකක් මතුවෙමින් වියැලී තිබුණු කම්මුල් තෙමාගෙන ගලා ගියේය. මම යතුර තියාගෙන තවදුරටත් මේ දරුවා හැඬවිය යුතු නොවේයැයි සිතුවෙමි. ඔහු සිතනුයේ යතුර නැතීවි ඇති බවය. නිවසෙහි දොර කැඩීමටද ඔහුට නොහැකිවනු ඇත. ගත රුහිරු වගුරමින් බොහෝ වෙහෙසවී නිවසට පැමිණෙන පියාට ආහාර ගැනීම සඳහා යමක් පිළියෙල කිරීමට මේ දරුවාට නොහැකිවනු ඇත. වෙහෙසවී නිවසට පැමිණෙන පියා නිවසෙහි යතුර නැතිවූ බව දැනගත් විට දරුවාට පහරදීමටද බැරිකමක් නැත. විඩාපත් ශරීරය ඔහුව ඒ තත්ත්වයට පත් කරනු නොඅනුමානය. බසයේ බිම වැටී තිබුණු යතුර දැක දැකත් අනෙක් මිනිසුන් මෙන් මමද මගේ ගමන ගියේ නම් අද මේ දරුවාට එම සියළු දුක් ගැහැට විඳීමට සිදුවන්නේය. මම ගනු ලැබූ තීරණය නිවැරදි බව පසක්කර ගත්තෙමි. කිසිවකුගේ අවධානයට ලක් නොවුණු මේ අසරණ දරුවාට පිහිටක්වීමට හැකිවීම පිළිබඳ මම හදවතින්ම සතුටුවුනෙමි. මට ගෙදර යාමට ප්‍රමාද වීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් මගේ සිතේ ඇති නොවීය.
“මේ..... මේකද පුතේ ඔයාගෙ යතුර....”යි මම මෙතෙක් වේලා මගේ සුරතේ ගුලිකරගෙන තිබූ යතුර ඔහුවෙත පාමින් ඇසුවෙමි. දරුවාගේ මුහුණෙහි පැතිරීගිය ප්‍රභාවය මගේ හදවතෙහි තවම නිදන්ගතව ඇත.
“ඔව්... ඔව්..... මේක තමයි....” ඔහු මා අතෙහිවූ යතුර දෙස හොඳින් බලා සිට කීවේය.
“එහෙනං ගන්න....”යි මම ඔහුට යතුර දුන්නෙමි. මගේ මුහුණ දෙස අපිරිමිත සෙනෙහසකින් බැලූ ඔහු රටක රාජ්‍යයක අයිතිය ලැබූවකු මෙන් දෑතින්ම එම යතුර ගත්තේය. මගේ හදවතද දෙදරන්නට මෙන් වූවේය. වෙව්ලන හදින් යුතුව මම ඔහුගේ ලේන්සුව ගෙන එහි කොනත යතුර ගැටගහා දුන්නෙමි. එය කලිසම් සාක්කුවේ දමාගත් ඔහු මගේ මුහුණ දෙස බලා සිනා සුනේය. මුව පුරාම සිනාසුනේය. හදවතින්ම සිනාසුනේය. දත්වල කහට බැඳී තිබුණද එම සිනහව අතිශ්‍යයින්ම සුන්දරවිය. ඒ හදපත්ලෙන්ම නැඟුණු ඒ සිනහවේ පියකරුබව කහට බැඳි කිලිටි දතින් අසුන්දර නොවීය.
“පුතේ දැං පරිස්සමින් ගෙදර යන්න... තාත්ත එන්නත් ළඟ ඇති... නේද?....” යි මම ඔහුට කීවෙමි.
“ඔව්....ඔව්... තාත්තත් එනව ඇති....”යි ඔළුව හොල්ලමින් කී ඔහු බෑග් දෙක දෙඅතට ගනිමින්ම කීවේය. වටින් ගොඩින් සැඳෑ අඳුරද මෝදුවේගෙන පැමිණෙන බැවින් මමද ඔහුගෙන් සමුගෙන බස් නැවතුම දෙසට ආවෙමි. ඒ එන අතර මම ආපසු හැරී ඔහු දෙස බැලුවෙමි. ඔහු තවමත් මා දෙස බලා සිටියේය. මම ඔහුට අත වැනුවෙමි. ඔහුද පෙරළා මට අත වැනුවේය. ඉන් පසු ඔහුට නිවසට යන ලෙසට මම අතින්ම සංඥා කළෙමි. මා බස් නැවතුමට පැමිණෙන විට බදුල්ල බලා ධාවනය වන බසයක් පැමිණියේය. ළමයා තවමත් එතැන ඇත්දැයි බැලූ මට ඔහු එතැනින් නික්මී බෑග් දෙකද දෑතින් ගෙන සෙමෙන් සෙමෙන් ඉදිරියට යන බව පෙනුනේය. උදාර කටයුත්තක නියැළුණු කෙනෙක් තුළ පමණක් ඇතිවන ආත්ම තෘප්තියක් සහිත සිතකින් මම නිවට යාම සඳහා නතර කරන ලද බසයට ගොඩවීමි.

බොහොම ලස්සන කතාවක්. සුලු සිදුවීමක් වුනත් බොහොම රසවත්ව මනා සංයමයකින් යුක්තව විස්තර කරලා තියෙනවා...
ReplyDeleteකතාව කියවන විට සිතේ චිත්තරූප මැවෙන ආකාරයට ලිවීමට ඔබට ඇති හැකියාව ඉතාමත් ඉහළයි. තවත් මෙවන් උසස් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා යි සුභ පතනවා..
බොහෝමත්ම ලස්සනයි.. එක දිගටම කියවනකොට චිත්තරූප මැවෙන්නේ නිතැතින්මයි.. ඉතාමත්ම හොද නිර්මාණයක්!
ReplyDeleteඇත්තටම ඔයාගෙ ලිවීමෙ හැකියාවනම් උපරිමයි.කතාව කියවල ඇස්වලට කඳුලුත් ආවා.මමත් ගොඩක් කැමති සමාජයෙ කාගෙවත් වැඩියෙන් ඇස නොගැටෙන චරිත දිහා ටිකක් අනිත් අයට වඩා සැලකිලිමත්ව බලන්න.දිගටම ලියන්න.ඔබට ජය...............
ReplyDeleteගොඩක් ස්තුතියි යාලුවනේ මගේ නිර්මාණ කියවන ඔබ ගැන මම ආඩම්බර වෙනවා.
ReplyDeleteඅපූරුයි කතා පොඩ්ඩ මල්ලි,
ReplyDeleteපොඩි දෙයක් උනත් හිතට වදින්ඩ ඔයා ලියල තියෙනවා,
මොනව කියන්න්ද
ReplyDeleteවරදක් නෑ හොදයි