දෑසට මද නිදිමතක් දැනුනද නින්දට පෙර මගේ දින පොතෙහි සටහනක් තැබීමට මම පුරුදුව සිටියෙමි. බෑගයේ පියන විවිරකළ මම එහි වූ මගේ දින පොත සහ පෑනද අතට ගෙන ඇඳ උඩින් වාඩිවී දින පොත පෙරලා ගත්තෙමි. වමත නළල මතින් තබා ගත් මම දකූණතෙහි පෑන දවටගෙන දවස ආරම්භයේ සිටම සිදුවූ සිදුවීම් පෙළින් පෙළට සිහිපත් කළෙමි.
බදුල්ල බලා දිවෙන පාන්දර බසයට මම ගොඩවූයේ උදෑසන 8.00 පමණ වන විටවත් බළන්ගොඩට යාමට අවශ්‍යවූ බැවින්ය. මම බසයට ගොඩවන විට එහි ආසන සියල්ල මගීන්ගෙන් පිරී තිබූණි. අවිස්සාවේල්ල නගරයට බසය සේන්දුවූ පසු එහි සිටි බොහෝ දෙනෙක් ඉන් බැස ගියේය. එමඟින් කවුළුවක් අසල හිස්වූ අසුනක අසුන් ගැනීමට මට හැකිවිය. ධාවනය වන බසයේ වසා තිබූ වීදුරු කවුළුව අතරින් පිටත බැලූ මට පාන්දර අඳුර නිසා කිසිවක් නොපෙනුනේය. රථයතුළ වූ මන්දාලෝකයද කථාකර කර යාම සඳහා මා අසල සමීපතමයෙකු නොසිටීමද මා ඉතා ඉක්මණින්ම නිදි ලොවකට ගෙන ගියේය.
දැඩි හඩක් නඟාගෙන කන්දක් නගිමින් සිටි බසයේ ඇතිවූ තද ගැස්සීමක් නිසා මම අවදිවුනෙමි. බසය තුළ බොහෝ දෙනෙක් සිටගෙනද සිටියේය. කොපමණ දුරක් බසය ගමන්කර ඇත්දැයි මම සිතා ගැනීමට වෙරදැරුවෙමි. බසයතුළ වුවද ආසනයේ සුව පහසුව නිසා මෙතරම් හොඳින් නින්දයෑම පිළිබඳ මට සුළු පසු තැවිල්ලක්ද ඇතිවිය. බළන්ගොඩ පහුවෙලාවත්දැයි එම පසුතැවිල්ලත් සමඟම මම සිතුවෙමි.
“බළන්ගොඩ පහුවුනාද?... ” යි මම මා සමීපයේ අසුන්ගෙන සිටි අනෙක් මගියා දෙසට හැරී විමසුවෙමි.
“නැහැ.... තවම නැහැ... තව කිලෝමීටර පහක් විතර තියෙනවා..... ” ඔහු මා සමඟ කීවෙිය. ඉන් සැනසුණු මම රථයේ කවුළුව මදක් විවිරකර එතුළින් පිටත බලාගෙන ටික දුරක් ගමන් කළෙමි. මුව තුළ වියැලි බවක් ඇතිවූ නිසා මම බෑගයතුළ වූ වතුර බෝතලය ගෙන ඉන් උගුර තෙමා ගත්තෙමි. පිපාසය මදක් සන්සිඳුණු මම මඟ පසුවන දේ පිළිබඳ විමසිලිමත් වෙමින් කවුළුවෙන් පිටත බලාගෙන නැවතත් ගමන් කලෙමි. කඳු ගැටය නගිමින් තිබූ බසය ගමන් කළේ තරමක් සෙමෙන්ය. ගස් වැලින් නිල් පාට වූ මාවත අයිනේ අතරින් පතර ගෙවල් නොතිබුණේද නොවේ.
වංගුවකින් රථය හැරෙන විට ඈතින් දිස්වුණු කඳු පංතිය සොඳුරු දසුනක් මතුකලේය. පැහැසර වූ අහස් තලයේ කඳු පංතිය ඇඳි සිතුවම සින්නරෙකුට නම් අමතක කළ නොහැකි සිතුවමක් විය. මෙම කඳු මුදුන් දෙස බලාගෙන යන මට එක් උස කඳු මුදුනකින් මතුවී නිසසලව වැඩ සිටින සුදු බුදු පිළිමයක් පෙනුනේය. බුදු රුවට පසුබිමෙන් හිරු නොපෙනී හිරු රැස් පමණක් විහිදීම නිසා එය හරියට බුදු රුවින් රැස් විහිදෙන්නාසේ පෙනුනේය. වීදාගම හාමුදුරුවන් හෝ තොටගමුවේ හාමුදුරුවන් හෝ මෙම දර්ශනය දුටුවේ නම් ඔවුන්ගේ කාව්‍ය සංකල්පනා තුළින් කෙබඳු නිර්මාණයක් බිහිවිය හැකිදැයි මම කල්පනා කලෙමි.
“ඔය බළන්ගොඩ බහින අය ඉස්සරහට එන්න...ස්ටෑන්ඩ් එහෙම යන්නෙ නෑ...” යි බසයේ කොන්දොස්තරවරයා බසයතුළට පමණක් නොව ගමටම ඇසෙන සේ දෙවරක්ම හඩගා කීවේය. එම හඩින් කලබලවූ කිහිප දෙනෙක්ම තම තමන්ගේ බෑග් මළු ගනිමින් ඒවා අතින් කරින් එල්ලාගෙන එම කලබලයෙන් බසයේ ඉදිරි දොර වෙත ගමන් කිරීමෙහි යුහුසුළු විය. මමද ඒ පිරිසට එක්වී බසයේ ඉදිරියට ගමන් කලෙමි. ඉදිරියට එන අයට ඉඩදී බසයේ කොන්දොස්තර වරයා රියදුරු අසුන අසල පසෙකටවී සිටියේය.
“බළන්ගොඩ නගරසභාව තියෙන්නෙ කොතැනද?.....”යි මම කොන්දොස්තරවරයාගෙන් විමසුවෙමි.
“ආ... මහත්තයෝ අපි එතැනින් තමයි යන්නෙ ඉන්න..... එතැනින් ඉස්සවන්නම්..... ”යි ඔහු මා වෙත සිනහවකද පාමින් කීවේය. එය මට මහත් අස්වැසිල්ලක්වූවේය. ඔරලෝසු කණුවක් සහිත සතරමං සන්ධියකින් වම් පැත්තට හරවන ලද බස් රථය තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් බස් නැවතුමක නතරකලේය. සුපිරි වෙළඳ සංකීර්ණයක් වන කාර්ගිල්ස් වෙළඳ සැලක් පුළුල් මාර්ගයට ඉදිරියෙන් පෙනුනේය. මේ වෙලාවට වෙනත් නගරයක නම් පාරේ තැනින් තැන ගොඩ ගසා ඇති කුණු ගොඩවල් ඉවත් කිරීම සුලභ දසුනකි. හොඳ ඇඳුමක් හැඳ පැළඳ නගරයට පැමිණෙන කෙනෙක් එතැනින් ඉවත් වන්නේ නාසය අතින් වසාගෙන මහත් පිළිකුලින්ය. සමහර කම්කරුවන් කිසිම හෙවීමක් බැලීමක් නැතිව අතු පතු ගෑම කසල විසි කිරීම නිසා පාරේ යන අයගේ ඇඟේද ගෑවෙන අවස්ථා බොහෝය. මම මෙම නගරයේ මට පෙණුනු සෑම දෙසටම හැරි හැරී බැලුවෙමි. පාරෙහි තැන තැන දමන ලද කසල ගොඩවල් එහි නොවීය. මේ වගේ නගර ලංකාවේ තිබේදැයි සිතා ගැනීමට පවා මට නොහැකිය. මම අද සේවයට වාර්තා කරන්න යන්නේ මෙවන්වූ තැනකටදැයි මගේ සිත උද්දාමයට පත්වූවේය.
“ඔය ගොඩවුණු අය ඔතන ඉන්නෙ නැතුව පස්සට යන්න...... පස්සහ ඉඩ තියෙනවා..... ” යි කොන්දොස්තර මහතා බසයට ගොඩවුණු අයට කීවේය. බොනටුව මත තබා තිබූ ටිකට් පොතද රැගෙන ඔහු පිටුපයට යාමට සැරසුනේය.
“මේ මහත්තය ඉස්සරහ නගර සභාව ළඟින් දාල යං..... ” යි ඔහු බස් රථයේ රියදුරුට පැවසුවේය. මදෙස බැලූ රියදුරු මහතා මද සිනහවකින් මට සංග්‍රහකලේය. ඔහුට සිනහවකින් සංග්‍රහකළ මම නගරයේ අවට අසිරිය නැරඹීමි. රියදුරු මහතා රථය මාවතට ගෙන ගියරය මාරු කර වේගය වැඩි කලේය. මම රියදුරු අසුන ළඟටම වී වට පිට බලමින් සිටියෙමි. මාවත හරිම පිරිසිදුය.
“මහත්තය ඔය ඉස්සරහින් බැහැගන්න.... අර තියෙන්නෙ නගර සභාව තමයි..... ” යි රියදුරු මහතා රථයේ වේගය අඩු කරමින් කීවේය. ඔහුට ස්තූති කළ මම බසයෙන් බැස්සෙමි.
එක දිගට පිහිටි කඩ කිහිපයක් මාර්ගය දෙපස පිහිටා තිබුණේය. මාර්ගයේ තිබුණු පිරිසිදු බව මා පුදුමයට පත් කළේය. ටොෆී කොලයක තරම් දෙයක් මම මාර්ගයේ දමා තිබෙනු නුදුටුවෙමි. වෙනත් නගරවලට ගොස් පුරුදු මට එම නගර සහ මෙම නගරයේ වෙනස හොඳින් පෙනුනි. කුණු කාණුවලින් නික්මෙන අප්‍රසන්න දුගඳක් මෙහි නොවීය. සීතල මිශ්‍රව හමන උදෑසන මදනළෙහි ආශ්වාදය ඒ අයුරින්ම විඳගැනීමට හැකිවීම මොනතරම් භාග්‍යක්දැයි මම කල්පනා කළෙමි. රැකියාවන් කරා උදෑසන පිය මනින තරුණ තරුණියන් මෙන්ම නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන්ට ප්‍රබොධමත් සිතින් තම තමන්ගේ කටයුතුවලට යාමට හැකිය. මාර්ගයේ එක් පසෙක පෙළට නතරකර තිබූ ත්‍රීරෝද රථ පෙළකි. මා බසයෙන් බසින විට මම රැගෙන යා යුත්තෙ කොතැනටදැයි විමසන්නාක් මෙන් ඔවුන් මද සිනහවකින් මවෙත බලා සිටියේය.
“බළන්ගොඩ නගර සභාවට යන්නෙ කොතැනින්ද?.....” යි මගේ මුවඟ වූ පැනය මම ත්‍රී රෝද රථයක සිටි තරුණයෙක්ගෙන් විමසුවෙමි.
“අර තියෙන්නෙ නගර සභාව තමයි.... අතන උඩ පැත්තෙන් ගේට්ටුව තියෙන්නෙ..... ” යි එම තරුණයා අත දිග හැර පෙන්වමින් කීවේය. එම අත ඔස්සේ මම හිස හරවා බැලීමි. බළන්ගාඩ නගර සභාව ලෙස සටහන්වූ තැඹිලි පාට පසුබිමේ කළුපාටින් ලියන ලද විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් මනෙතට ගැටුණි. එය මට බුද්ධ කාලයේ අසිත නම්වූ තාපසයාට මෙන් ප්‍රීතියක් සහ කණගාටුවට කරුණක් වූයේය. මට ප්‍රීතිය වූයේ මම සේවය සඳහා වාර්තා කරනු ලබන ආයතනය හමුවීමයි. මගේ කණගාටුදායක කාරණයවූයේ මෙතරම් විශාල පුවරුවක් තිබියදී පුවරු පිළිබඳ කිසිම පරීක්‍ෂාවකින් තොරව කටයුතු කිරීම පිළිබඳවයි. තරුණයාට ස්තූතිකළ මම ඔහුගේ මඟ පෙන්වීම ඔස්සේ පා නැඟුවෙමි. ප්‍රධාන මාර්ගයෙන් හැරුණු මම ආරම්භයේ සිටම කඳු ගැටයකට දිවෙන අතුරු පාරක් දිගේ අඩි විස්සක් පමණ ගමන් කළෙමි. එහි වම් පසට වන්නට වු කහ පාටකට හුරු සුදු පාටකින් තීන්ත ආලේප කරන ලද විශාල ප්‍රමාණයේ ගේට්ටුවෙහි එක් පියනක් පමණක් විවරකර තිබුණේය.
මම ඒ සුවිසල් ගේට්ටුව අභියසට පැමිණියෙමි. ඉදිරියෙහි වූ ගොඩ නැඟිල්ලෙහි පියස්සක බළන්ගොඩ නගර සභාව වශයෙන් සටහන් කරන ලද තවත් දැන්වීම් පුවරුවක් තිබුනේය. මා ඉදිරියෙන් තිබූ මාර්ගය ගේට්ටුව ළඟ සිට ඇතුළට දෙකට බෙදා තිබුණේ කහ පාට කඩ ඉරි සිතුවමිනි. බෙදන ලද එම කොටස්වල ගමන් කළ යුතු ආකාරය දක්වමින් ඊතල ද සිතුවම්කර තිබුණේය. මම මගේ දකුණත පැත්තෙන් පියවර කිහිපයක් ඉදිරියට පැමිණියෙමි.
මුර කුටියතුළ සිටි මුරකරු මදෙස බලා හිස මදක් පැත්තට ඇලකර සිනහවක් පෑවේය. මමද ඔහුට සිනහවකින් සංග්‍රහ කලෙමි. ඔහු සිටි මුර කුටිය පිහිටා තිබුනේ මගේ දකුණු අත පැත්තෙහිය. මුර කුටිය අසලම මල් කිහිපයක් පිපිණු ජේබරා වර්ගයේ මල් පාත්තියක් තිබුණේය. ප්‍රවේශ මාර්ගයට මදක් දුරින් මුර කුටිය අසල සිට පෙළට සිටුවන ලද විවිධ වර්ගයේ රෝස පඳුරුවල මල් පිපී ලෙල දුන්නේය. මා සිටි තැන සිට වම් පැත්තට හිස හරවා බැලූ මට ගේට්ටුවට තරමක් ඇතුළතින් ප්‍රවේශ මාර්ගයේ අනෙක් පැත්තේ සිටුවා තිබුණු කතුරු මුරුංගා ගසෙහි මල් පිපී තිබෙනු දුටුවේමි. එම සුදු පාටැති මල් හිරු එළිය වැටීම නිසා විදුලි බලය හීන වූ විට මද විදුලි බලයෙන් ක්‍රියාත්මක වීමට වෙර දරන විදුලි බුබුළු වැලක විදුලි බුබුළු මෙන් පෙනුනේය. එතැන් සිට ඉදිරියටද ළඟ ළඟ සිටුවන ලද විවිධ මල් පඳුරුවල මල් පිපී අලංකාර වී තිබුනේය.
තවත් පියවර කිහිපයක් ඉදිරියට පැමිණි මට රෝස පඳුරුවල කෙළවරින් තරමක් විශාල පෝච්චියක සිටුවා තිබුණු අඹරැල්ල ගසෙක් දැක්කෙමි. අඩි හයක් පමණ උස් වූ මෙම ගසෙහි එක් එක් මට්ටමේ පොකුරු කිහිපයකින්ම ඵල දරා තිබුනේය. කාර්යාලයට ඇතුළුවීමට ඇති විවෘත පියස්සෙහි කුළුණු යට බෝගන්විලා පඳුරු කිහිපයක් තිබුණේය. එම පියස්සේ වම් පස සිට කාර්යාලයේ ඉදිරිපස අයින දිගටම පෝච්චිවල සිටුවන ලද බෝගන්විලා මල් පඳුරු විවිධ වර්ණයන්ගෙන් අලංකාර මලින් පිරී තිබුණේය. මම පියස්ස තුළට ඇතුළු නොවී මදක් වට පිට බැලිවෙමි. මා නැවතුණු තැනට ඉදිරියෙන් ආවරණයක් යට පෝච්චිවල සිටුවන ලද ඇන්තූරියම් මල් යායක් මලින් පිරීතිබෙනු දුටුවෙමි. එම ඇන්තූරියම් මල් යාය වසා වැඩී තිබුණු විශාල නෙල්ලි ගසෙහි සෑම අත්තක්ම පිරී ඉතිරී ඵලදරා තිබුණේය. නෙල්ලි ගසට එපිටින් දිස්වූ අලංකාර ශාඛ වැටිය අතරින් මා නගරයට ඇතුළුවන විට දුටු නිසසල සුදු බුදු රුව පෙණුනේය. කඳු මුදුනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මේ කාර්යාලය දෙස බලා සිටිනවායැයි මට සිතුනේය.
“සාදු.... සාදු.... සාදු....... ” යන ලයාන්විත හඩ පැමිණි දෙස මම දෙනෙත් විහිදවීමි. ඵල බර තැඹිලි ගස් දෙකක් අතර පිහිටුවාතිබූ බුදු කුටියක් අසල පෙර පාසැල් දරුවන්ට එහි ගුරුවරු කිහිප දෙනෙක් ආගමික වතාවත්හි නියැලීමට පුරුදු කරවනු මම දුටුවෙමි. නිල ඇඳුමින් සැරසී මිදුලෙහි පෙළට සිටි දරුවන් ලයාන්විතව ගැයූ ගාථාවන් මගේ බුද්ධාලම්බන ප්‍රීතියද තියුණු කලේය. මිදුලෙහි කෙළවර ඉදිකර තිබුණු ළමා උද්‍යානය සහිත පෙර පාසැල් ගොඩනැගිල්ලේ වූ සිතුවම් මමද ළමා ලෝකයකට රැගෙන ගියේය.
මා ඉදිරියෙන් පැමිණි නිලධාරිණියක් මා පසු කරගෙන ගොස් කාර්යාලයේ ප්‍රධාන දොරටුවට යා බදව බිත්තියේ සවිකර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තම පැමිණීම සටහන් කළාය. මවෙතට බැල්මක් හෙළු ඇය මඳ සිනහවක් පා කඩිසර ගමණින් කාර්යාලයතුළට යනයුරු මම බලා සිටියෙමි. ඇයව අනුකරණය කරමින් මමද ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වුනෙමි.
“සාදරයෙන් පිළිගනිමු” දෙපසෙහි පුන් කලස් දෙකක සිතුවම්ද සහිතව සටහන් කර ඇති තරමක් විශාල තීරු පුවරුවක් ප්‍රධාන දොරටුවට ඉහළින් සුළඟට පැද්දෙමින් තිබුනේ මට ආචාර සමාචාර කරන්නා සේය.
“2020 දී සැමට සුව පහසු දිවියකට තිරසාර පුරවරයක්” යන දැක්ම සඳහා කළයුතු මෙහෙවෙර ප්‍රකාශය නිල් මහනෙල් මලක පසුබිම්ව තරම් විශාල අලංකාර කැටයමින් යුතු පුවරුවක ඉදිරියෙන්ම දක්වා තිබුනේය. ඒ අසලම කාර්යාලයේ සංවිධාන සැළැස්ම සහිත පුවරුවක් තම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා කෙනෙකුට යා යුතු තැන පෙන්වා දුන්නේය. කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිණිය දුරකථන සංවාදයකට යොමුවී සිටියාය. මහජනයා වෙනුවෙන් පනවා තිබුණු ඉදිරියේ වූ අසුනක අසුන් ගන්නා ලෙසට ඉඟිකරමින් ඇය මට අතින් සංඥාවක් කලාය. එක් අසුනක අසුන් ගත් මම මගේ බෑගයද උකුල මතින් තබා ගත්තෙමි. මා ඉදිරියෙන් වූ විසිතුරු මසුන් සහිත තරමක් විශාල ටැංකියේ සිටි මසුන් සදහා එක් නිලධාරියෙක් ආහාර දමමින් සිටියේය. ආහාර වැටෙන විට මෙතෙක් නිරාහාරව සිටියාක් මෙන් සියළු මසුන් එක පොදියට එතැනට පිහිනා එන දෙස මම බලා සිටියෙමි.
“මේ මහත්තය කවුරු හම්බවෙන්නද දන්නෙ නෑ නේද?..... ”යි මවෙතට පැමිණි පිළිගැනීමේ නිලධාරිණිය විමසුවේය. මම ඇයට මම පැමිණි කාරණය කීවෙමි.
“එහෙනං සී සී මිස් හරි ලේකම්තුමා හරි එනකං ඉන්න වෙනව... මහත්තය වාඩිවෙලා ඉන්න මම ආපුවහම කියන්නම්..... ” යි පැවසූ ඇය තම අසුනවෙතට ගියාය. මා ඉදිරියෙන් බිත්තියේ සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයේ උදෑසන විකාශනයවන සංවාදාත්මක වැඩ සටහනට සිත යොමුකළ මම එය නැරඹීමි. සුළු සේවක මහත්ම මහත්මීන් යුහුසුළුව කාර්යාලය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටිනු ඒ අතර මම දුටුවෙමි. කාර්යාලයට පැමිණියා වේලාසන වැඩිදැයි මම කල්පනා කලෙමි.
එක දිගටම වෙළඳ දැන්වීම් කිහිපයක් ප්‍රචාරයවීම නිසා මම මගේ දෑස් රූපවාහිනී තිරයෙන් ඉවතට ගත්තෙමි. සභාපතිවරයාගේ සිට කම්කරුවා දක්වා බලයවිහිදී යන කාර්යාල ව්‍යුහය දැක්වෙන සුදු පැහැති පසුබිමක් සහිත පුවරුවක් පුරා දක්වා තිබුණේය. අනෙක් පස වූ කොරිඩෝව දිගේ ඒ ඒ අංශයන් සඳහා වෙන්කරන ලද කාමර නම්කර තිබුනේය. රූපවාහිනී සංවාදය නැවත ආරම්භකළ බැවින් මම එයට යොමුවුනෙමි. මමත් රූපවාහිනියත් අතරින් කාර්යාලයට ප්‍රවේශය යෙදී තිබුණු බැවින් වරින් වර කාර්යාලයතුළට පැමිණෙන අය මට පෙනුනේය. ඒ අතර සමහරු මා කෙරෙහි විමසිලිමත් වන ආකාරයද දිස්විය. තවත් සමහරෙක් මදෙස බලා සිනහවකින්ද සංග්‍රහකළේය. ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් මම එතැනම සිටියෙමි.
“මේ... මහත්තය සී සී මිස් නම් ආවා..... ”යි මා ඇමතූ පිළිගැනීමේ නිලධාරිණිය පැවසුවාය.
“මේ .... මෙතැනින් ආයතන අංශයට යන්න..... ”යි මගේ චකිතය දුටු ඇය පැවසුවාය. එක අතකින් බෑගයද එල්ලා ගත් මම ආයතන අංශයට ඇතුළුවුනෙමි. පෙළට තබන ලද භාග කබඩ් පෙළක් මත තබන ලද මල් පෝච්චියකට උදෑසනම නෙලා ගෙනෙන ලද නිල් මනෙල් සහ ඕලු මල් දමමින් එක් නිලධාරිණියක් පසුවූවාය. මට ඉදිරියෙන්වූ බිත්තියෙහි සවිකරන ලද විශාල පුවරුවක මහ ජනයා දැනුවත් කිරීමේ උපදෙස් දක්වා තිබුනේය. තිර රෙදි දෙපසට කර විවිරකර තිබූ ජනේල සිහිත බිත්තියේ ඉහළින් විසිතුරු සිතුවම් යොදා අලංකාරකර තිබුණි. පැතලි තිරක් සහිත පරිගණකය ක්‍රියාත්මක කරමින් තවත් නිලධාරිණියක් සිටි අතර පැමිණීමේ ලේඛනයේ අත්සන් කිරීමට පැමිණි කිහිපදෙනෙක්ද එහි සිටියේය.
“වාඩිවෙන්න....” යි මා දෙස බැලූ ප්‍රධාන කළමනාකරණ සහකාරවරිය පැවසුවාය. ඇයගේ මේසයට ඉදිරියෙහි වූ අසුනෙහි මම අසුන් ගත්තෙමි. මා අත වූ පත්වීම් ලිපිය සහ කාර්යාලයට අනුයුක්ත කිරීමේ ලිපිය මම ඇයගේ අතෙහි තැබුවෙමි. මගේ ලිපි පරීක්‍ෂාකළ ඇය මට පොතෙහි අත්සන යොදා පැමිණීම සටහන් කරන ලෙස දැන්වූවාය. කාර්යාල සේවයේ නියුතු ඇය තවත් නිලධාරිණියකට ආමන්ත්‍රණයකොට මා වෙනුවෙන් සේවයට වාර්තා කිරීමේ ලිපියක් පරිගණකයෙන් සකසා දෙන ලෙසද දැන්වූවාය. මගේ නම සහ ලිපිනය විමසාගෙන ගිය ඇයද නොබෝ වේලාවකින් ලිපියක් සකස්කරගෙන ආවාය. උදෑසන 8.30 කණිසම වදිනවාත් සමඟම ජාතික ගීතයේ වාදනය ආරම්භවූ බැවින් අපි සියළු දෙනාම නැඟී සිටියෙමු.
“මහත්තය..... මේ ලියුමේ මෙතැනින් අත්සන් කරල අපේ ලේකම්තුමාට දෙන්න..... ”යි ජාතික ගී වාදනය අවසන්වූ පසු මා ඇමතූ ඇය කීවාය. ඒ අනුව නියමිත ස්ථානයේ මගේ අත්සන යොදා එම ලිපියද රැගෙන මම ලේකම්තුමාගේ නිල කාමරය වෙතට ගියෙමි.
කාර්යාලයට ඇතුළුවන ප්‍රධාන දොරටුවට වම් පත්තෙන් වු කාමරය ඔහුගේ නිල කාමරයවූවේය. වසා තිබුණු වීදුරු දොර අතරින් ඔහු යම් වැඩක නිරතව සිටිනු දුටු මම දොරට පිටතින් නතරවුනෙමි. මද වේලාවකින් හිස ඔසවා බැලූ ඔහු මාව ඇතුළට කැඳවීය. වසා තිබූ වීදුරු දොර අතින් තල්ලුකරමින් මම ඔහුගේ කාමරයට පිවිසුනෙමි. තරමක විශාල කාමරයක්වූ එහි ඉංග්‍රීසි එල් අකුරේ හැඩය ගත් මේසයක් ඔහුගේ රාජකාරී සඳහා යොදාගෙන තිබුණේය. කුඩා ප්‍රමාණයේ මල් පොකුරක් මේසයේ ඉදිරියෙන්ම තබා තිබුනේය. ඒ අසලම කුඩා ප්‍රමාණයේ ජාතික කොඩියකුත් ලිපි හා පෑන් බහාලනයකුත් විය. දෙපස වූ ලිපිගොණු බන්දේසියක් ලිපි ගොණු වලින් පිරීගොසින්ය. ඔහු එහිවූ ලිපි ගොණු එකින් එක ගෙන පරීක්‍ෂා කරමින් සිටියේය. ඔහුගේ මේසයේ එක් පසෙක පැතලි තිරයක් සහිත පරිගණකයක් විවිධ සිතුවම්වලට මාරු වෙමින් තිබුණේය. කාමරයේ එක් පසෙක තබා තිබූ නවීන පන්නයේ ඡායා පිටපත් යන්ත්‍රයෙන් ඡායා පිටපත් ගනිමින් සිටි නිලධාරියා ඇමතූ ඔහු ගොණුවකින් පරීක්‍ෂාකළ ලිපියක අත්සන යොදා එය ෆැක්ස් කරන ලෙස දැන්වූවේය.
“වාඩිවෙන්න....” යි මදෙස බැලූ ඔහු මට ඔහු ඉදිරියේ වූ අසුනක් පෙන්වීය. මම එතැනින් අසුන් ගත්තෙමි. පරීක්‍ෂාකරමින් සිටි ගොණුවක යම් සටහනක් යෙදූ ඔහු එය වසා මේසයේ අනෙක් පස වූ ලිපිගොණු බන්දේසියට දැමුවේය.
“ඉතින් මහත්මයා.... කියන්න.....” යි ඔහු මා පැමිණි කාරණය විමසීය. මම ඔහුට මගේ නව පත්වීමේ ලිපිය සමඟ අනෙකුත් ලිපි ඉදිරිපත් කලෙමි. ඒ සියල්ල එකින් එක පරීක්‍ෂාකළ ඔහු මගේ පත්වීමේ ලිපියේ සහ කාර්යාලයට අනුයුක්ත කිරීමේ ලිපි වල ඡායා පිටපත් දෙකක් ගෙන එහි සටහනක් යෙදුවේය. ලිපිවල මුල් පිටපත් දෙක පරිස්සම්කර තබාගන්නා ලෙසට උපදෙස් දෙමින් මා අතට දුන්නේය.
“පොතේ අත්සන් කළාද?.....” යි ඔහු මගෙන් විමසුවේය. මම පොත අත්සන් කළ බව ඔහුට පැවසුවෙමි. කාර්යාලයේ ආයතන කටයුතු විෂයභාර නිලාරිණිය කැඳවූ ඔහු දැනට පුරප්පාඩුවී ඇති විෂයක රාජකාරි මා වෙත පවරන ලෙසට උපදෙස් දුන්නේය. ඔහුගෙන් සමුගත් මම ආයතන විෂය භාර නිලධාරිණිය සමඟ පැමිණියෙමි. දැනට ආදායම් අංශයේ විෂයක් පුරප්පාඩුව ඇති බැවින් මට එහි රාජකාරී භාරගන්නා ලෙස ඇය උපදෙස් දුන්නීය. ඇය මා එම අංශය වෙත කැඳවාගෙන ගියාය. කොරිඩෝවක් දිගේ අඩි කිහිපයක් ගිය අපි ආදායම් අංශය වෙතට හැරුනෙමු.
කළු පැහති පසුබිමේ රත්තරං පාටින් සිතුවම් කරන ලද රුවල් නැවක සිතුවම මගේ සිත ගත්තේය. එයට ආලෝකය වැදීම නිසා දිදුලමින් තිබුනේය. එහි තවත් පැති බිත්තියක පැත්තෙන් පැත්තට වෙනස්වන ආකාරයේ දර්ශණයක සිතුවමක්ද එල්ලා තිබූ අතර අනෙක් බින්නියේ වූයේ මහජනතාව දැනුවත් කරන විශාල පුවරුවක්ය. අනෙක් අංශයන්ට වඩා වෙනස් ආකාරයට මෙහි මේස තබා තිබුනේය. සෑම මේසයක් ඉදිරිපිටම මහජනයා වෙනුවෙන් ආසනයක් තබා තිබුනේය. මම එහි ඇතුළු වන විට වරිපණම් ගෙවීම සඳහා පැමිණි කිහිපදෙනෙක් තම කටයුතු ඉටු කරගෙන පිටව ගියේය.
“මේ ඉන්නේ මේ අංශයට අළුතෙන් ආපු මහත්තය ඔන්න අඳුන ගන්න.....”යි මා කැඳවාගෙන පැමිණි නිලධාරිණිය අංශයේ අයට මම හඳුන්වා දුන්නාය. එහි සිටි සියළුම දෙනා සුහද සිනහවකින් මට සංග්‍රහ කලෙන් මමද ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවෙමි. ඉන් පසු හිස්වූ අසුනක් පෙන්වූ ඔවුන් මට සේවය කිරීමට ඇත්තේ එහි බවද පැවසීය. මා අත වූ බෑගය මේසය මතින් තැබූවෙමි.
“මල්ලී සභාපතිතුමාට කතා කලේ නැද්ද?.....” යි එහි වූ නිලධාරිණියක් මගෙන් විමසුවේය.
“නැහැ අක්කේ.....”යි මම ඇයට පිළිතුරු දුන්නෙමි.
“සභාපතිතුමා දැන් ආවා. මල්ලි ගිහිං කතා කරල එන්න.....”යි ඇය නැවත කීවාය. කාමරයෙන් පිටවූ මම කොරිඩෝව දිගේ සභාපතිවරයාගේ කාමරයට යන්නටවුනෙමි. දෙපස ඇති කාමරවල අංශයන් දැක්වෙන පුවරු එම කොරිඩෝවේ ඉහළින් එල්ලා තිබුණි. එම පුවරු සුළඟට සෙලවුනේ ඒ අසලින් යන කවුරුන්ට හෝ සේවය සැලසීම සඳහා ආරාධනා කරන්නා සේය. කොරිඩෝව දිගේ මම කෙළවරටම ගියෙමි. එක් පසෙකින් සභා ශාලාවද අනෙක් පසින් සභාපතිවරයාගේ නිල කාමරයද පිහිටා තිබුනේය. එම කාමර ඉදිරියෙන් බිත්තියේ ඉහළින් එල්ලා ප්‍රදර්ශනය කරමින් තිබුනේ මෙහි පෙර සේවය කරන ලද සභාපති වරුන්ගේ ඡායා රූපයන්ය. මගේ වම් අත පැත්තට වූ සභාපති වරයාගේ නිල කාමරය දෙසට මම හැරුනෙමි. වීදුරු දොර තුළින් මම ඇතුළත බලන විට සභාපතිවරයා මා ඇතුළට කැඳවීය. මම වීදුරු දොර තල්ලුකරගෙන ඇතුළට ගියෙමි. කාමරයතුළ බිමට එලන ලද බුමුතුරුණුවලින් හා බිත්ති විනිවිද පෙනෙන තිර රෙදිවලින් අලංකාර කර තිබුණි. සභාපතිවරයාගේ මේසය දෙපසින් තබන ලද තරමක් උසැති එකම ආකාරයේ තට්ටු කිහිපයකින් යුතු අල්මාරි දෙකකි. එහි එකකට වීදුරු ආවරණයක් සකසා තිබූ අතර එය මෙම සභාව විවිධ තරඟවලින් දිනා ගන්නා ලද විවිධ ප්‍රමාණයේ කුසලානයන්ගෙන් පිරී තිබුණි. තවත් කුසලාන තැබීමට එහි ඉඩක් මට නොපෙනුනි. අනෙක් පස වූ අල්මාරියේ ඉහළින් වත්මන් සභාපත්ිතුමා සහ වත්මන් ජනාධිපතිවරයා එකට සිට ගන්නා ලද රාමුකරන ලද ඡායාරූපයක් තිබුණු අතර එහි පහළින් විවිධ ඡායාරූප තැන්පත්කර තිබුණි. කාමරයේ එක් පසෙක සුව පහසු ආසන කට්ටලයක් මෙන්ම මහ ජනතාව හෝ වෙනත් අය පැමිණි විට අසුන් ගැනීම සඳහා තවත් ආසනද පනවා තිබුණි. මට වාඩිවීම සඳහා ආසනයක් පෙන්වූ ඔහු මම වාඩි වූ පසු මගේ පැමිණි කාරණය විමසුවේය.
මම අද දිනයේ සිට මෙම කාර්යාලයේ සෙවයට පැමිණි බව ඔහුට පැවසුවෙමි. අතට අත දී ඉතාමත් සුහද ලෙස මා පිළිගත් ඔහු මගේන් තව තවත් තොරතුරු විමසුවේය. ඒ අවස්ථාවේ සභාපතිතුමාගේ කාමරයට ඇතුළුවූ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද මා හඳුන්වා දුන් පසු මම මගේ මේසය වෙතට පැමිණියෙමි. ඒ එන අතරද කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මට හඳුනාගත හැකිවිය. මම මට වෙන්කරන ලද මේසයට පැමිණෙන විට මගේ රාජකාරී ලැයිස්තුවද සපයා තිබුණි. එහි පිටපතක අත්සන යොදා මුල් පිටපත භාරගත් මම මට සේවය කළයුතු ලිපි ගොණු හඳුනා ගත්තෙමි.
ඔරලෝසුවේ නාද වූ කණිසම සිතින් ගණන්කළ මම රාත්‍රී එකොළයි තිහ වැදුනු බව දැන ගතිමි. හෙට පාන්දරම නැවත සේවයට යා යුතුය. බෝඩිමේ අය පමණක් නොව මා සිතන අයුරින් මේ මොහොතේ අවදිව සිටින්නේ ඉතා සුළු පිරිසක් විය හැකිය. නෙතට නින්ද අවශ්‍ය බව පවසමින් වරින් වර කිරාවැටෙන්නට විය. දින පොතේ පිටු කිහිපයක්ම පිරී තිබුනේ අද දිනයේ සිදුවූ සියළු සිදුවීම මගේ දිවියේ වැදගත්කමක් ඉසිලූ නිසාය. දින පොතතුළට පෑන දැමූ මම දින පොත බෑගයට දමා නින්දට ගියෙමි.

shork.. kiyawagena yanakota mamath nikan balngoda ennawa wage mata danuna.niyameta liyala Tyenawa.thawa liyanna hode..
ReplyDelete