Monday 8 November 2010

ස්ථානමාරුව...........

ලිපියක් අරං
පිළිවෙලකට
ගොනු කරලා.......
එහි කවරයේ
ගැලපෙන්නට
නම අලවා........
ගොනුවේ යොමුව
නව පන්නෙට
සරි කරලා..........
ඵලදායීතාවයට
සැරසුනි
දෑතම විදලා..............

කබඩ් එකක්තුළ
ලිපි ගොනු
එක්කරලා.......
පිළිවෙල
දැකුම්කළු ලෙස
සුන්දර කරලා......
වසරක් පුරාවට
මගෙ දහදිය
හෙලලා....
සැරසූ විෂය
යන්නට සිදුවුණි
දමලා...............

මගෙ වැඩ හොඳලු
විෂයෙහි අඩුවක් නැත්තේ......
සුළු සුළු අඩු පාඩු
කොයි කාගෙද නැත්තේ......
ලැබෙනා ලිපිවලට
මෙනවත් තව කර නැත්තේ.........
ඒවා කරන්නට
මට කල්යල් නැත්තේ.............

2 comments:

  1. අද මට උනේත් ඔය දේම තමයි ...........ස්ථානමාරුවක්

    මටමද මේක ලීවේ !

    ReplyDelete
  2. අනේ නෑ මේක මගෙත් අත්දැකීමක්.......... පරිපාලකයින්ගේ යම් යම් තීරණ නිසා අපිට වෙන දේවල් නේද?

    ReplyDelete