Thursday 28 October 2010

වඩේ දෙකක්වත් කන්නකො...........

පාසැල් ගොස්
ගෙදර ඇවිත්
අම්මට මම උදව්කලා........

ලිප ගාවම
වේලි වේලි
තෙල් හැළියක්
රත්කරගෙන
අම්ම බදින
වඩේ පොඩිය
විකුණන්නට
අරං එන්නෙ මං.........

තැබෑරුමෙන්
එළියට විත්
කට දෙපැත්ත
පිහදාගෙන
මං ගෙනාපු
වඩේ නොකා
අහක බලන්
යන්න එපා.......

හෙටට වඩේ
ගෙන එන්නට
පරිප්පු ඩිංගක්
අරගෙන
තෙල් පොඩ්ඩක්
තව අරගෙන
අම්මාගෙයි
මගෙයි කුසේ
දුක් ගින්දර
නිවා ගන්න...........

අරක්කු චුට්ටක්
බීගෙන
වඩේ දෙකක්වත්
කන්නකො.........

2 comments:

  1. මිනී පෙට්ටි විකුනන මනුස්සය ප්‍රාර්ථනා කරන්නේ වෙළදාම සාර්ථක වෙන්න කියල.එතකොට ඒ මනුස්සයා ප්‍රාර්ථනා කරන්නේ මරණයක්.මේකත් ඒ වගේමයි..
    කොහොම වුනත් හොද නිරමාණයක්

    ReplyDelete
  2. champikasenevirathna@gmail.com29 October 2010 at 03:56

    නෑ මේ කවිය කියන්නෙ දුප්පත් ළමයෙක් එයා කියන්නෙ සල්ලි ඔක්කොම වියදම් කරල අරක්කු ගොඩක් ‍බීල කටපිහදාගෙන අහක බලාගෙන යන්නෙ නැතුව අරක්කු චුට්ටක් බීල අතේ සල්ලි ඉතුරැකරගෙන ඒ සල්ලිවලින් එයාගේ වඩේ දෙකක්හරි කන්න කියල.ඒ ළමය සහ අම්ම ජීවත්වෙන්නෙ වඩේ විකුණල.ඒ වගේ තේරුමක් මේ කවියෙන් දැනෙන්නෙ නැද්ද පබළුට.

    ReplyDelete