Wednesday 6 October 2010

මම මෙන් නුඹටත්........

වැඩෙන්නට
ඵල දරන්නට
දුන් සවිය
අවසන්ව
කඳින් ගිලිහී
මම
බිමට පාවී එද්දී......
නුඹ
මුදුනෙහි සිට
හිනැහුනා මතකයි
මට ඔච්චමට........
මගේ පැහැය
දුර්වර්ණව
කළ මෙහෙය
නිමා කරමින්
අද මම
වෙන්ව යන සේ
නුඹත් දිනයක
වියැලි
පොල් අත්තක්ව
ගිලිහී කඳෙන්
වැටෙන වග බිමට
ගනින් මතකයට........

No comments:

Post a Comment