ලස්සන රෑ
සඳ එලියේ
වැට අද්දර........
වෙල් එලියෙන්
හමන සුළං
මගේ ගතේ
දැවටෙන විට
දෑතම ළමැදට ඇදුනා
කිටි කිටියේ........
කිටි කිටියේ.......
කොළොම්පුරේ
නුඹ ගිය පසු
හැමදාමත්
මට මෙහෙමයි
නුඹ ආ සඳ
ගම් පියසට
කවදාහරි
මතු දවසක
මේ විදිහට
මම ඉන්නෑ
හඳ එළියට
වැට අද්දර.........
No comments:
Post a Comment