Monday 4 October 2010

නුඹට රිදුනිද.......?

පහත් බිම්
පසු කරන්
කඳු මුදුන්
තරණයකර
ඉහළටම යන
සුළං රුල්ලක්ය
මම......

කඳු මුදුනකින්
පැන නැඟී
ඉහළ සිට
පහල බලා
ඇදී එන
ගංගාවකිය
ඔබ ........

ඔබත් මමත්
ගැටී නොගැටී
නගද්දී සුමුදු රැළි
දහසක් එක පිට එක
දිය මත්තේ........

කියන් සබැඳිය
මගේ සවනට
නුඹට රිදුනිද
විඩා දැනුනිද..........?

No comments:

Post a Comment