Monday, 4 October 2010

සඳක් කී කව.......

මගේ සිසිලස
දරා ගන්නට
වෙර දරන
දනන් හට
නුඹේ උණුසුම
සුවයක්ම විය
උදෑසනක..........

දහදිය පෙරාගෙන
සිසිලසක සුව සොයා
දනන් දිව ගියේ
සුවය ගෙන දුන්
උදෑසන උණුසුම
නිර්ලෝභීව
විඳිනු බලා
නුඹේ උණුසුම
වැඩිකළ නිසාවෙන්.........

මළානික මිහිකත
සිසිළසේ කිරි දියෙන්
පණ පොවන්නට
පෙරඹරට වී
බලා හිඳින්නෙමි
සමුගන්නා තුරු
නුඹ අවරගිරෙන්...........

No comments:

Post a Comment