Saturday, 24 December 2011

මා හද නුඹ ළඟට පනී

සීතල රැෙයක වුව උණුසුම හදට දැනී සියොලඟ සලිත වී අැති බව යයි ෙමමට දැනී නුඹ ළඟ සිටියනම් කරනා ෙදය මම ෙනාදනී පැහැසර කිකිළිෙය් මා හද නුඹ ළඟට පනී

Monday, 19 December 2011

ඉකිබිඳුම

පා යුග නගද්දී මා සිප් හල ඇතුලේ
නෙතඟින් හෙලු බැල්මකින් මා හද උමතු කලේ
ඔබ යනෙනා තැනට මා නෙත ගමන් කලේ
වදනින් දෙකෙන් මගෙ ලෝකය වෙනස් කලේ

ටියුෂන් යන්න මම අවසර ගත්ත බලෙන්
නුඹ හා පෙමින් ඉන්නට හැකි උනා ඉතින්
ටියුෂන් එකත් කට් කර කර ගමන් ගිහින්
අද ‍යව්වනය පියඹයි මගේ කඳුළු මතින්

සංසාරය මෙහෙමමයි කියලා අපි හිතුවාට
පාසැල් නොගොස් නුඹ හා පෙම් කෙලියාට
දසකඩ මස පිරෙන්නට තව කල් තිබුනාට
අම්මේ සමාවුව මැන දුක දුන්නාට

අම්මා තාත්තා ගුරුවර ගුරුවරියෝ
සිහිවන විටදි මා ළඟ සිටි සුමිතුරියෝ
සමනල ලොවක මා තනිවම සැරිසැරියෝ
නුඹලා ලඟට දැන්නම් එන්නට බැරියෝ

කළා අනුවණ කමක්
නොවිමසා කිසිවක්
අනේ මගේ නැගණියක්
එසේ නොකරනු මැනවි කිසිවක්

Friday, 18 November 2011

නුෙඹ හද මඩල.............

විකසිත කුසුමක ෙරාන්සුණු අතරේ...
තුඩගින් හෙමිහිට කලතන ෙමාෙහාෙත්
හදවත කැලෙතන සුමිහිරි හැඟුමන්
කෙලෙසද සවනට ෙකාදුරන්ෙන්......

මල්සර දුන්ෙන් මල් හී පහරින්
ළය මත සිදුරක් අැතිවීෙදා්
ඒතුළින් ගලනා අාදර දියවර
නුෙඹ හද මඩලම නහවයිෙදා්........


Saturday, 24 September 2011

කළ යුතු යමක් ඇතිද.......

මා ආ ම‍ඟේ පෙර කිසිදා දැක නොමැතී
සිදුවීමක් තිබේ හදවත පතුලෙහි නැවතී
පිංබර නුඹේ දෙනුවන යොමු කර රිසිතී
කළ යුතු යමක් ඇති දැයි බලනුද විමතී

බෝ පුද පිණිස
තෙල් මල් රැස
ගෙන විගස
ගයා හිස.....

අසුන පිරිසිදු කරමින්
මල් අසුරමින්
පහන් දල්වමින්
වතාවත් නිති කරමින්.....

ගත වූ නිමේෂයේ
දරු පැටියා මයේ
පංසල් සුනඛ මුඛයේ
ගැටී හැඩු හැටි මතක හිටියේ....

කල් යල් නොබලාම
දෑතට අරං පෙර සේම
හද නැගුණු දරු පෙම
නිසා දිව ගියා නොදැනිම.....

දොස්තරට පෙන්නුවා
ඉස්පිරිතාලේ ඉන්දුවා
බෙහෙත් ගැන දැක්වුවා
විසි එකක් විද්දුවා...

අනේ මගෙ දරුවා
මර හඩ දි දී හැඩුවා
මගේ හදවත දෙදරුවා
මක් කරන්නද හිතුවා.....

බෝධිය අසලකදී
සුපිංවත් බිමකදී
කරදරයකට මුදලදී
කුමන කරුමෙද අපට පලදී...

අනේ හාමුදුරුවනේ
නුඹගෙ බලු රෑනේ
හයිය පෙන්නූ සීනේ
නිසා පංසල් එන්නෙ නෑනේ.....


Thursday, 22 September 2011

නවමු මිහිරක් නොලැබුණිද සඳ.........

මිරිඟුවෙහි රැඳි සිහිල් දියවර
දෑස් කෙවෙනිය වසා සනසයි.....
උමතුවෙන් නැගි ලතා තුරු හිස්
නොදැන මංපෙත් අතර හැසිරෙයි.....
සරා සඳ කඳු මතින් නැගි සඳ
නුරා කැල්මන් දසත පතුරයි......
මලින් ගිලිහුණු විහඟ රෑනක්
සොමි දියෙන් නැහැවී හඩයි.......

පෙරඹරින් හිරු කිරණ විහිදා
නව දිනක දොර විවර වන විට....
කෙමි තුළින් පිට පනින කුසුමන්
නව ලොවට හිනැහී එබෙන විට....
පියුම් ගීතය සවන වැකෙනා
නිදි වරවු මත්වූ බිඟුන් හට...
නවමු මිහිරක් නොලැබුණිද සඳ
පවසමි ඒ බැව් මෙමා කෙලෙසකට.......

Wednesday, 21 September 2011

මම තනිවම මෙහි හැඩුවා........

ආදරයට කියන වදන්
දෙසවන් ළඟ රැවි දෙන විට
දෙනයන මගේ රුව සොයලා
සැම දිසාවේ දිව යන විට
නුඹෙ උණුහුම සොයන රැයෙක
ළඟින් නොයිඳ දුර සිටියට
මම තරහද නුඹත් එක්ක
මා වෙනුවෙන් දිවි රැක්කට........

පෙම් වදනට එස් එම් එස්
කණින් කොණින් මම බැලුවා
නුඹේ රුවට පොටෝ එවපු
පොටෝ ටිකත් මම බැලුවා
නුඹ තනියම මාවත ළඟ
සිටගෙන සිටි හැටු දුටුවා
අනේ නගේ නුඹ ළඟ නැති
මම තනිවම මෙහි හැඩුවා......

Wednesday, 7 September 2011

නුදුටු මිතුරියට........

සුවඳක් දැනී නැහැපුඩු මගේ හඩන විට
දෙනුවන් සොයයි සැම අත නුඹ දකින්නට
හදවත සැම විටම නුඹ හඩ අසන්නට
පැහැදී සැදී ඇතිබව ගනු සිහියකට.....

නුඹ වෙනුවෙන් මගෙ හදවත ඉකි ගැසුවා.........

තුරල් නොවී වැසි පොළවට රිද්දනවා
තිත්ත පැටවි නෑ බොර දිය උතුරනවා
වක්කඩ කෑඩී නුඹේ දහඩිය ගෙන යනවා
එදඩු පාලමෙන් මොගොඩට එනු බැරැවා

ගොමිමන් අදුර තනිකම දැක හිනගෙනවා
කවුලු වසා නෑ හිරිකඩ ගෙට එනවා
එන මග බලා ඇස් දෙක මගේ කකියනවා
සද ලග නොමැත හෙණ පිට හෙණ ‍පුපුරණවා

තෙල් නැති ලාමිපුව ගෙපැලේ මිය යනවා
කහට කෝප්පය එතනම ඇල් වෙනවා
හිමියනෙ කිම පමා පෙර මැදියම අත වැනුවා
නුඹ වෙනුවෙන් මගෙ හදවත ඉකි ගැසුවා

මිරිඟුවට පෙම් බැද........

මිරිගුවක් වෙත උමතුවෙන් මෙන් පෙම් බැද
දිව ගියා හිස හැරැණු අත මා පෙර දින
නොලද දා මා පැතු සිහිලැල් පෙම් ගඟ
හඩා වැටුණෙම් කදුළු සයුරට සම වැද

සතර අත ඉරි තලා සෙනෙහේ කැඩපත
රටා ඇමදපු සිත් මලුව මගේ හැඩි කර
කදුලු ලතැවිලි හදේ සුවසේ නිදිකර
ලැබු අවමන් මහමෙරකි මා පෙම් කර

ආදරේ ලඟ බොලද වු වද පෙමි හිත
දැහැන් බින්දෙම් සතුන් සියතුන් මග හැර
තවත් පල නැත සිහින අතරේ දුක් විද
කෙළෙස සොයමිද නොමල ගෙයකින් අබ ඇට


Monday, 5 September 2011

දෙසිතක් මතින්.................

හිරු සඳු දෙපසේ පායා එකවර
වැසි නැති දේදුනු බාබලුණි අම්බර

හිරු සඳු දෙපසේ පායා ආවත්
වැසි නැති දේදුනු කොහිදැයි නොදනිත්
එනිසා සොඳුරියෙ බලනු විපරමින්
හිරිකඩයක්වත් නැතිදැයි අවටින්

ඇළ දොළ ගංගා නිසලයි උන් තැන
අත් තටු සැලුවේ නෑ විහඟුන් කැළ

හිරු කිරණින් මුළු ලොව කලඑළිවී
සුවඳැති කුසුමන් හිනැහී පිපුනී
මල් මකරන්දය හදට දැනුනු කළ
තටු සොලවාවිද තුරුණු විහඟ කැළ

මොහොතක් නඋරම වෙරළට රිද්දන
රැළි නොනගාවුණි මුහුද දයාබර
නැවතී හිනැහුණු සුළඟ හමා ගිය
රහසක් කීවා සවනට පෙම්බර

ගං කොමළිය දිය පහස බෙදාදී
සයුරේ දිය රැළි නොයයි නැගී
මද නළ සමඟින් සිසිල දිදී
ඒ රැළි මා හද මතින් නගී

තුන් තිස් පැයෙහිම සිත සක්මන් කළ
හීන සැබෑවී හිනැහේ නෙතු යට

නෙතු යට හිනැහෙන සුන්දර සිහිනය
සැබවක් වී නෙතු පිටට පෙනෙන්නට
දෙචියන් පිහිටයි බුදුන්ගෙ සරණයි
හැම මොහොතෙම සිත සතුට වැඩෙන්නට

ලොවටම රහසේ ළංවූ මොහොතක
තැබුවා දෙතොලේ කුළුඳුල් හාදුව

ලොවටම රහසේ දැනෙනා උණුසුම
ජීවිතයම ආලෝක කරනු ඇත

( මගේ හිතවත්ම සොයුරියකගේ අදහස්ද සමඟින් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.)

Saturday, 3 September 2011

වෙනස

සුදුම සුදු වළා තීරයක්
සිතට දැනෙනා සැනසුමක්
වැසි ඵල නොමැති වගක්
කියාගත හැකි වේද කිසිවක්

කළුම කළු වළා තීරයක්
වටටම පෙනේ රිදී තිරයක්
වැටෙන විට වැහි බිඳුවක්
මිහි මත පිපේ මල් කැකුලක්

ඉඩෝරය දුරලන්න
ගහ කොලට පණ දෙන්න
මලින් ඵල බර වන්න
වසිනු මැන දිවි රැක ගන්න

Tuesday, 24 May 2011

ආයෙත් බිළි‍ෙඳෙක් වන්න

මිදුලට පැනල
ගත දුහුවිලි නාගන්න
අක්කා සමඟ
තර‍ඟෙට දුව පැරදෙන්න
අම්මා කවන විට
බත් කට කට කන්න
ආසයි මටත්
ආයෙත් බිළි‍ෙඳෙක් වන්න

Thursday, 19 May 2011

නුඹ හා පෙමින් ඉන්නටය මට හැකි වේවා........

මගෙ නෙත් කොණින් උණු කඳුළැලි වෑහෙන්න
කළ කරුමය කිමද දෙවියනි වටහල දෙන්න
ඔබ නැති නිසාවෙන් මා ළඟ දැවටෙන්න
පෙරුමන් පුරමි තව තව පින් කර ගන්න

සංසාරේ අපි එකට හිටියා ලකුණු දැනේ
අද මා පමණි ඇයි දෙවියනි එහෙම උනේ
මා යන ගමන දැක තනියට නතරවුනේ
මගේ පැල්පතේ ආලෝකෙට මොකදවුනේ

යළි උපදින භවේ අපි ආයෙත් හමු වේවා
කිරි කැටියාට නුඹෙ ළමැදෙන් කිරිදේවා
එක වහලක් යටදි දුක සැප දෙක ගාවා
නුඹ හා පෙමින් ඉන්නට මට හැකි වේවා


Thursday, 28 April 2011

දිගු කල් දිනේවා දියණියේ............

පායන සඳට
බැහැ නොවැ උපමා දෙන්න....
සුරතල් දියණියේ
මුව හසරැළි ලන්න...........
අරුණළු සමඟ
නව ලෝකය දැක ගන්න‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍...........
දිගු කල් දිනේවා
දිවි මඟ ජය ගන්න............

Monday, 21 March 2011

මට බැන බැන ගිය හැම එකාම බෙල්ලෙන් ඇදගෙන මම යනවා.....

හදතුළ තෙරපෙන දහසක් සිතුවිලි
බැහැ නොවැ පත් ඉරුවට ගන්ට..............

මනාපයට පොරකන විට
මිතුරාවුව බැහැ ඉවසන්ට................

මිතුරා පස මිතුරා කර
ගෙයින් ගෙයට පිය මැන යන්ට..............

වෙන්කළ කාලය අවසන්වී ඇත
ඒක මදැයි මට සැනසෙන්ට...........

කලක් ළඟින් දුකට සැප‍ට
එකට හිටිය මගේ මිතුරා.............

මගේ දුරුවලතැන් හොඳින් දන්නවා
කණින් කණට ඌ යයි කොඳුරා...........

මගේ වටේ තිබු සියළු මනාපත්
ඒකෙන් අරගත්තේ උදුරා............

කරන්න මට කිසිම දෙයක් නෑ
ඌ පර මක්කන් වඳුරා....................

පන්සල පල්ලිය කෝවිල් හැමතැන
වැඳගෙන මම පැතුමන් පැතුවා.............

මොනවා කිව්වද මම නම් දන්නෑ
එනමුත් මම වැඳගෙන හිතුවා..............

මේ එන ඡන්දෙදි මනාප ලැබුනොත්
ඉහලින් මම එය සමරනවා.................

මට බැන බැන ගිය හැම එකාම
බෙල්ලෙන් ඇදගෙන මම යනවා..............

Thursday, 10 March 2011

මම යළි උපදිනවා............

දස වසරක් තුළ
සිත සිරකර නැගි
සෙනෙහස හදතුළ
දළුලනවා.....

මා ගම් පියසට
නුඹ සපැමිණි වග
මගේ මුළු දිවියම
බබලනවා.........

නුඹට දොඩන්නට
දහසක් දේ ඇත
ඒ හැම මා හද
රැව්දෙනවා.........

නුඹෙ දුරකථනයේ
අංකය පැතුවෙමි
එය නොලැබී
මා ලත වෙනවා........

එනමුදු පසුබට
නොවී දිරිය ගමි
මගේ අංකය
නුඹ හට දෙනවා........

නුඹ මගේ අංකය
ගත්තොත් සොදුරියේ
අම්මප මම යළි
උපදිනවා.................

Wednesday, 9 March 2011

මම වෙමි නුඹෙ අප්පච්චී.............

නෙතු කඳුළැලි
ගත දහදිය
රුහිරු සමඟ
එකට අනා
හදෙහි නැගෙන
පිය සෙනහෙස
නුඹ වෙනුවෙන්
වෙන්කෙරුවා..............

සිතිජ ඉමේ
කොතැනක සිට
නුඹ ආවත්
මගෙ උරුමෙට
මම රකිනෙමි
නුඹ පුතුනේ
මගේ නමින්
ලොව නගන්ට.................

නෙතු පියනින්
විවිරවු නෙත
හරවා මාගේ මුහුණට
බලනු මැනවි
බලනු මැනවි
හඳුනනවද
මම පෙර සිට...........

මුව පොඩියෙහි
දෙකෙළවරින්
දත් නැති කට
තොල් විදහා
මදහස පා
සිනහා වෙයන්
මම වෙමි නුඹෙ
අප්පච්චී.....................

Monday, 14 February 2011

සමරමු අපි උතුම් ලෙසින්..........

වසර ගණන් පෙම් කරලා
මුළු ලොවටම හොර රහසේ
නුඹ කැන්දන් ළඟට මගේ
බොහෝ කලක් ගෙවී ගිහින්...........

සැමට හොරෙන් හැංගි හැංගි
බඩ වැටිවල වෙල් එළියේ
නුඹෙ රුව දැක ගත්තෙමි මම
නුඹට ඒව මතක නැද්ද............

දොල පාරෙන් එගොඩ වෙලා
වැව් තාවුල්ලෙන් මතුවී
නුඹ එන විට වැව් බැම්මේ
දුටු අසිරිය මට මතකයි..........

ලිහා දැමු දිගු කෙහෙරැල්
සුළ‍‍‍ඟේසැටි කියා පෑවා
සාරි පොටට සුළඟ හැමුවෙ
නුඹෙ ලස්සන වැඩි වෙන්නයි..........

අපි දෙන්නා එකතුවෙලා
ගොඩ නැගු ලෝකය අරුමැයි
දරු පැටවුන් අපේ ලොවට
ගෙනෙන්නේ සුන්දර දසුනයි.........

එදා වගේ මේ හැම දේ
අද වාගේ මට මතකයි
මට වාගෙම නුඹේ සිතෙත්
මතකද සොඳුරුම සැමරුම්..........

විවාහයට පෙර අය හට
සමරන්නට එක දිනයක්
වෙන්කරලා තියෙන නමුත්
සිතූ ලෙසින් සමරන්නට...............

අවුරුද්දේ අනෙක් දවස්
සියල්ල අපි සමරන්නෙද
විවාහයේ උතුම් බැඳුම
සමරමු අපි උතුම් ලෙසින්.............

Monday, 31 January 2011

බුද්ධිය යොදවමු..............

සමනල යොවුන් සිත
තැන තැන නොදැන යනු ඇත
බුද්ධියෙ තියුණු නෙත
යොමා වළකනු කඳුළු බිඳු වත

Monday, 24 January 2011

මින් ඉදිරියට සම ලෙස සෙත සදපන්නේ...............

මහ මෙර තරම් උස නැති මුත් කඳු සිඛරේ
පණ නළ රැක ගන්න මම නැග්ගෙමි මිතුරේ
මාවත පුරා වැව් දිය ගලනා අතරේ
ගිම්හානය නුඹට හඩ ගැසුවෙත් අඳුරේ

මගෙ හඩ අසාගෙන අද නුඹ ඇවිදිල්ලා
වැසි දිය නොමැත සැම නැත ඇත වියැලීලා
සතියක් උනේ නැහැ නොවැතව කල් යවලා
නුඹගේ පීඩාව මට දැන් හොඳටම දැනිලා

වැස්සට නියඟයට අධිපති දෙවිවරුනේ
මේ මහ පොළව පවතින්නේ නුඹෙ නමිනේ
මිනිසුන් සතුන් වෙත මෙත් සිත පතුරමිනේ
මින් ඉදිරියට සම ලෙස සෙත සදපන්නේ

Monday, 17 January 2011

දෙවියනි උඩ බලන් ඉන්න..........

දවස්වලින් ගණන් කළොත් මතකෙට එන්නෑ කියන්න
කොහොම උනත් මම හදන්නේ මගෙ දුක ඔබ හට කියන්න
පසළොස්වක පෝය දවසේ පුර පසළොස්වක හඳ බලන්න
මේ වසරෙදි හැකිවේදැයි නිකමට හරි මට කියන්න

වැස්ස වැටුනෙ මහ පොළවට මිහිකත සිසිලස සදන්න
සිසිලස කොතරම් දරුණුද හදතුළ ගිණි දළු දමන්න
දරු පැටවුන් නෑ මිතුරන් ගං වතුරෙහි ගසා යන්න
මම කළ පව කිම දෙවිඳුනි මේ ලෝකේ තනිකරන්න

ගේ දොරවල් වතුපිටි හැම සියළු දේම නැති කරන්න
වැසි වැටුනා මගේ හිස මත මගේ දිවියම දිය කරන්න
උපන් නමුත් මම තනියම බැහැනේ මේ දුක දරන්න
මගෙ පැටවුන් වතුරෙ ගියා දෙවියනි උඩ බලන් ඉන්න

කැළඹිමක් තියෙන වග..............

පෙරදා පරිද්දෙන් පද වැල් මුමුණන්න
නොහැකිව තිබෙන්නේ ඇයි දෙවියනි විමසන්න
හදතුළ නැගෙන නව සිතුවිලි වලකන්න
කැළඹීමක් තියෙන වග පමණක් දැනගන්න

Friday, 14 January 2011

පණ යන එක හොඳා..........

පන් හිඳ අතට ගෙන පෙර මෙන් හැම දාම
ගොතනෙමි ලියන්නෙමි හද නැගි දුක කෝම
මම දුටුවනම නුඹ යන විට නොකියාම
පණ යන එක හොඳා කියලයි මට සිතුනේම

Wednesday, 12 January 2011

පෙරදා විලසින් මම පසු වෙන්නම්.............

කටු අකුලින් පිරි වන රොද මැද්දේ
වන මල නුඹ මගේ සිහි ලැල්ලේ.......

දසතින් හමනා මද නළ නුඹෙ වැද
නුඹ කිම මා හා කඳුලැල්ලේ............

හමන මද නළෙහි රැඳුණු විෂක් ඇත
බලනු මැනවි නුඹ විමසිල්ලේ..........

පෙරදා විලසින් මම පසු වෙන්නම්
නුඹ හා නිරතුරු හසරැල්ලේ.............

Tuesday, 11 January 2011

මිළක් තියෙනවා........

මල් වැස්සෙ තෙමී යන්න
මුතු කුඩ ඉහලා සිටින්න
පැතූ පැතුම් ඒ කාලේ
දැන් පලදෙනවා............
දැන් පලදෙනවා............

හාල් හැටට
පොල් පනහට
ගන්නටවෙයි කියල එහෙම
ඒ කාලේ නිකමටවත්
පැතුවෙම නැහැනේ.........
හිතුනෙම නැහැනේ..........

මගෙ ළඟ දැවටුන හැටියට
සවනට කෙඳිරූ වදනට
නපුරු බැලුම් කිසිම දිනෙක
ලැබෙයි කියල මේ විලසින්
සිතුවෙම නැහැනේ............
සිතුවෙම නැහැනේ................

ඔබෙන් ලැබුණු සුසුම් සුවඳ
පොල් ගෙඩියේ කිරි සුවඳට
සම කරන්න දැන් නම් මට
මිළක් තියෙනවා.........
මිළක් තියෙනවා........