Monday, 19 December 2011

ඉකිබිඳුම

පා යුග නගද්දී මා සිප් හල ඇතුලේ
නෙතඟින් හෙලු බැල්මකින් මා හද උමතු කලේ
ඔබ යනෙනා තැනට මා නෙත ගමන් කලේ
වදනින් දෙකෙන් මගෙ ලෝකය වෙනස් කලේ

ටියුෂන් යන්න මම අවසර ගත්ත බලෙන්
නුඹ හා පෙමින් ඉන්නට හැකි උනා ඉතින්
ටියුෂන් එකත් කට් කර කර ගමන් ගිහින්
අද ‍යව්වනය පියඹයි මගේ කඳුළු මතින්

සංසාරය මෙහෙමමයි කියලා අපි හිතුවාට
පාසැල් නොගොස් නුඹ හා පෙම් කෙලියාට
දසකඩ මස පිරෙන්නට තව කල් තිබුනාට
අම්මේ සමාවුව මැන දුක දුන්නාට

අම්මා තාත්තා ගුරුවර ගුරුවරියෝ
සිහිවන විටදි මා ළඟ සිටි සුමිතුරියෝ
සමනල ලොවක මා තනිවම සැරිසැරියෝ
නුඹලා ලඟට දැන්නම් එන්නට බැරියෝ

කළා අනුවණ කමක්
නොවිමසා කිසිවක්
අනේ මගේ නැගණියක්
එසේ නොකරනු මැනවි කිසිවක්

No comments:

Post a Comment