වැසි නැති දේදුනු බාබලුණි අම්බර
හිරු සඳු දෙපසේ පායා ආවත්
වැසි නැති දේදුනු කොහිදැයි නොදනිත්
එනිසා සොඳුරියෙ බලනු විපරමින්
හිරිකඩයක්වත් නැතිදැයි අවටින්
ඇළ දොළ ගංගා නිසලයි උන් තැන
අත් තටු සැලුවේ නෑ විහඟුන් කැළ
හිරු කිරණින් මුළු ලොව කලඑළිවී
සුවඳැති කුසුමන් හිනැහී පිපුනී
මල් මකරන්දය හදට දැනුනු කළ
තටු සොලවාවිද තුරුණු විහඟ කැළ
මොහොතක් නඋරම වෙරළට රිද්දන
රැළි නොනගාවුණි මුහුද දයාබර
නැවතී හිනැහුණු සුළඟ හමා ගිය
රහසක් කීවා සවනට පෙම්බර
ගං කොමළිය දිය පහස බෙදාදී
සයුරේ දිය රැළි නොයයි නැගී
මද නළ සමඟින් සිසිල දිදී
ඒ රැළි මා හද මතින් නගී
තුන් තිස් පැයෙහිම සිත සක්මන් කළ
හීන සැබෑවී හිනැහේ නෙතු යට
නෙතු යට හිනැහෙන සුන්දර සිහිනය
සැබවක් වී නෙතු පිටට පෙනෙන්නට
දෙචියන් පිහිටයි බුදුන්ගෙ සරණයි
හැම මොහොතෙම සිත සතුට වැඩෙන්නට
ලොවටම රහසේ ළංවූ මොහොතක
තැබුවා දෙතොලේ කුළුඳුල් හාදුව
ලොවටම රහසේ දැනෙනා උණුසුම
ජීවිතයම ආලෝක කරනු ඇත
( මගේ හිතවත්ම සොයුරියකගේ අදහස්ද සමඟින් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.)
No comments:
Post a Comment