Thursday 19 May 2011

නුඹ හා පෙමින් ඉන්නටය මට හැකි වේවා........

මගෙ නෙත් කොණින් උණු කඳුළැලි වෑහෙන්න
කළ කරුමය කිමද දෙවියනි වටහල දෙන්න
ඔබ නැති නිසාවෙන් මා ළඟ දැවටෙන්න
පෙරුමන් පුරමි තව තව පින් කර ගන්න

සංසාරේ අපි එකට හිටියා ලකුණු දැනේ
අද මා පමණි ඇයි දෙවියනි එහෙම උනේ
මා යන ගමන දැක තනියට නතරවුනේ
මගේ පැල්පතේ ආලෝකෙට මොකදවුනේ

යළි උපදින භවේ අපි ආයෙත් හමු වේවා
කිරි කැටියාට නුඹෙ ළමැදෙන් කිරිදේවා
එක වහලක් යටදි දුක සැප දෙක ගාවා
නුඹ හා පෙමින් ඉන්නට මට හැකි වේවා


No comments:

Post a Comment