Wednesday 22 April 2009

මගෙ නිදි මතත් නුඹ අරගෙන ගිහින් නගෙ

නිසසල රැයෙ තනි යහනෙ ගුවන බලා
වැතිරුණු නමුදු මගෙ හදවත අවදි වෙලා
පෙම්බර නුඹෙ වත දිස්වෙයි සිනහා සලා
ඒබැවින් නින්ද මා අතහැර ගිහින් පලා

බැලු බැලු හැම අතෙ කළුවර පලාගෙන
මතුවෙන නුඹෙ මදහස දෙස බලාගෙන
තුන් තිස් පැයෙ වුව ඉමි නිදි වරාගෙන
හැබැහින් නුඹට ළං වෙන්නට හිතාගෙන

හැබැහින් වගෙමයි පෙනුනෙ නුඹෙ දසුන
වැසුමට බයයි නෙත, මැකිලා යාවිද සැණින
ලෙ.. වැල් පවා කකියනමුත් ඉවසගෙන
සිටිනෙමි පෙමියෙ නුඹ දෙස බලාගෙන

උදයෙම ළගට ඒන්නයි ඒක පැතුම මගෙ
පැය කිහිපයක නින්දක් තිබුණන් අගෙ
පෙරළෙමි වකුටු වෙමි කැරකෙමි බමරෙ වගෙ
මගෙ නිදි මතත් නුඹ අරගෙන ගිහින් නගෙ

1 comment:

  1. බොහොම සතුටුයි මේ අඩවිය දැකීම,කවි ඉතා අගෙයි සොයුර. මේ කවි පන්තිය තාලය සහ එළිසමය නිසි ලෙස තබා ලියැවුනු සාර්ථක නිර්මාණයක් ලෙස මම දකිනවා.තවත් බොහෝ කවි ලියන්නට දිරිය ශක්තිය පතමි.

    ReplyDelete