නිසසල රැයෙ තනි යහනෙ ගුවන බලා
වැතිරුණු නමුදු මගෙ හදවත අවදි වෙලා
පෙම්බර නුඹෙ වත දිස්වෙයි සිනහා සලා
ඒබැවින් නින්ද මා අතහැර ගිහින් පලා
බැලු බැලු හැම අතෙ කළුවර පලාගෙන
මතුවෙන නුඹෙ මදහස දෙස බලාගෙන
තුන් තිස් පැයෙ වුව ඉමි නිදි වරාගෙන
හැබැහින් නුඹට ළං වෙන්නට හිතාගෙන
හැබැහින් වගෙමයි පෙනුනෙ නුඹෙ දසුන
වැසුමට බයයි නෙත, මැකිලා යාවිද සැණින
ලෙ.. වැල් පවා කකියනමුත් ඉවසගෙන
සිටිනෙමි පෙමියෙ නුඹ දෙස බලාගෙන
උදයෙම ළගට ඒන්නයි ඒක පැතුම මගෙ
පැය කිහිපයක නින්දක් තිබුණන් අගෙ
පෙරළෙමි වකුටු වෙමි කැරකෙමි බමරෙ වගෙ
මගෙ නිදි මතත් නුඹ අරගෙන ගිහින් නගෙ
බොහොම සතුටුයි මේ අඩවිය දැකීම,කවි ඉතා අගෙයි සොයුර. මේ කවි පන්තිය තාලය සහ එළිසමය නිසි ලෙස තබා ලියැවුනු සාර්ථක නිර්මාණයක් ලෙස මම දකිනවා.තවත් බොහෝ කවි ලියන්නට දිරිය ශක්තිය පතමි.
ReplyDelete