Thursday 23 April 2009

ඒළාර මුත්තණුවනි...........,

මුතණු නරපති
ඒළාර මැතිදුනි.........,

නුඹගෙ පා සලකුණු සොයා
දශක තුනක් පුරාවට
වැසුනු මාවත් දිගේ
නුඹටත් වඩා ඉදිරි පියවරකින්
රජු වන්නට ඊළාම් රාජ්‍යයේ
පිරූවෙමි මම දස පෙරුම්........,

අරඹා උතුරු තල් අරඹින්
දකුණු පොල් රුප්පාව කරා
පුළුල් කළෙමි
සීමා - මායිම්
මගෙ සිහින රාජ්‍යයේ........,

අනාගත කොටි පැටව්
ජය දද නගා මා තැනූ ෙද්ශයේ
වතු පිටිවල තමතමන්ගෙ
යොදවන්නට සිහලයන්
සැකසූවෙමි නොපිරිහෙලා
සැළසුම්
මගෙ සිහින රාජ්‍යයේ.........,

දුටු ගැමුණු ඉදිරියේ
නුඹට සිදු වූ පරිදි
මගෙ බැලුන් බේලෙත් දැං
හුළං ඉවර වෙලා වගෙයි.........,

නුඹ වෙනුවෙන් හැදු සොහොනට
ජනතාවම හිස නැවුවලු
සොහොනක් හැදුනත් මා හට
වරිගෙ ඒකෙක්වත් නවයිද
හෙලයිද -කදුළක් නෙතගින්
මා කළ කී දෑ වෙනුවෙන්............,

- පිරබාහරන්-

2 comments:

  1. එනමුත් මුතුනුවනි
    එදා මෙන් නොව ඔබට
    මෙදා මට කඩේ ගිය
    රනිල් මල්ලිට වෙන්නේ
    හඩන්නට මගෙ
    සොහොන යට...

    ReplyDelete
  2. හොද අදහසක් පිරබාහරන් ලිව්ව කවියක් දැක්කාමයි

    ReplyDelete