සදේ ..... සරා...... සදේ...
මීට වසර
දෙහස් පන්සිය පනස් දෙකකට පෙර
තිලෝ ගුරු බුදු සමිදු
සුමධුර වූ මධුර මනෝහර වූ
ඒ උතුම් සදහම්
දෙසූ සමයේ...............
මම......,
කොතැන කොයි ලෙසින්
කොහොම හිටියද ?........
සුපුන් සද නුඹ
නුදුටුවෙද මගෙ
ඒ කාලෙ ජීවිතය...............
බුදු සමිදු ළගටවත්
යාමට පවා නොහැකිව
ලතැවි ලතැවී
දුක් විද විද
හඩා වැටි වැටී
ඉන්න ඇති මම......
අනේ........,
පුන් සදේ....නුඹ
නුදුටුවෙද මගෙ
ඒ කාලෙ ජීවිතය...............
ආත්ම ගණනක්
දුකම විදිමින්
ගෙවා දමලා - සසර කතරේ
ලබා මිනිසත් බවක් මෙලෙසේ
සොයමි සැනසුම - සදා සැනසුම.......
අනේ සද ඔබ
කිමද නිහඩව
කියන් හඩගා
ඇසෙන විලසින්........
කෙබදු පාපද
කෙබදු කරුමද
ගෙවා දමමින්
එන්‍නෙ මෙලෙසේ.........
සැබෑ ලෙස සද
නුදුටුවෙද නුඹ
මගේ ජීවය
ගෙවෙන අරුමය..........
- ඒ.එම්.සී.කේ.සෙනෙවිරත්න -
kadima kaviyak ,bohoma lassanai,
ReplyDeleteඅර්තාන්විත නිසඳැසක්. සතුටුයි කියවන්න ලැබීම ඔබේ කවි.
ReplyDelete