Wednesday 7 September 2011

මිරිඟුවට පෙම් බැද........

මිරිගුවක් වෙත උමතුවෙන් මෙන් පෙම් බැද
දිව ගියා හිස හැරැණු අත මා පෙර දින
නොලද දා මා පැතු සිහිලැල් පෙම් ගඟ
හඩා වැටුණෙම් කදුළු සයුරට සම වැද

සතර අත ඉරි තලා සෙනෙහේ කැඩපත
රටා ඇමදපු සිත් මලුව මගේ හැඩි කර
කදුලු ලතැවිලි හදේ සුවසේ නිදිකර
ලැබු අවමන් මහමෙරකි මා පෙම් කර

ආදරේ ලඟ බොලද වු වද පෙමි හිත
දැහැන් බින්දෙම් සතුන් සියතුන් මග හැර
තවත් පල නැත සිහින අතරේ දුක් විද
කෙළෙස සොයමිද නොමල ගෙයකින් අබ ඇට


2 comments:

  1. nice

    http://mycreationssww.blogspot.com/

    ReplyDelete
  2. සිත පෙළා දී දඩුවමි
    කඩා ගෙලලු මල්දමි
    ආලයට කල සරදමි
    අගේ නුඹ දුන් කවිකම්

    Nimanthika Shanthi

    ReplyDelete