Sunday 26 April 2009

බඹර රැකවල.....

නිමිත්ත ... සීගිරිය නැරඹීමට ගිය පිරිසකට බඹරුන් පහර දීම..‍

ෙල් දහඩිය වගුරුවා
දුක් මහන්සිෙයන්
ගෙඩාල් කැට ඒකින් ඒක
ෙබාෙහා්ම අමාරුෙවන්
උඩට ෙගනැවිත්......

පිපාෙසට දිය බිදක් නැති
මහා ගල් පරිවතය මතට
දිය බදුන් ගෙනෙමින්
ඉදි කල
ඒ මනරම් වූ රාජ මාළිගය
කාශ්‍යප රජුන් දවස......

කාලයාෙග් අැවෑෙමන්
ෙශ්ෂව අැති
නටඹුනින්වත්
වටහා ගනිව්
පැරණි ෙහළ හපන් කම්.......

පහන් සිත් උපදවා
ෙඝා්ෂාව ෙනානගා
ෙදෙනතින් හදවතින්
විදිව් ෙසාබා අසිරිය.....

දහදිෙයන් ගත ෙතමා
රී...රී මාංශ දියකරමින්
සීගිරිය ෙගාඩ නැගූ මිනිසුන්
ෙපර දිෙන්....
බඹර ෙවස්ෙගන
සුරකිනායුරු
බලන් කඩතුරා
හැර දෑෙස්.......

Thursday 23 April 2009

ඒළාර මුත්තණුවනි...........,

මුතණු නරපති
ඒළාර මැතිදුනි.........,

නුඹගෙ පා සලකුණු සොයා
දශක තුනක් පුරාවට
වැසුනු මාවත් දිගේ
නුඹටත් වඩා ඉදිරි පියවරකින්
රජු වන්නට ඊළාම් රාජ්‍යයේ
පිරූවෙමි මම දස පෙරුම්........,

අරඹා උතුරු තල් අරඹින්
දකුණු පොල් රුප්පාව කරා
පුළුල් කළෙමි
සීමා - මායිම්
මගෙ සිහින රාජ්‍යයේ........,

අනාගත කොටි පැටව්
ජය දද නගා මා තැනූ ෙද්ශයේ
වතු පිටිවල තමතමන්ගෙ
යොදවන්නට සිහලයන්
සැකසූවෙමි නොපිරිහෙලා
සැළසුම්
මගෙ සිහින රාජ්‍යයේ.........,

දුටු ගැමුණු ඉදිරියේ
නුඹට සිදු වූ පරිදි
මගෙ බැලුන් බේලෙත් දැං
හුළං ඉවර වෙලා වගෙයි.........,

නුඹ වෙනුවෙන් හැදු සොහොනට
ජනතාවම හිස නැවුවලු
සොහොනක් හැදුනත් මා හට
වරිගෙ ඒකෙක්වත් නවයිද
හෙලයිද -කදුළක් නෙතගින්
මා කළ කී දෑ වෙනුවෙන්............,

- පිරබාහරන්-

Wednesday 22 April 2009

මගෙ නිදි මතත් නුඹ අරගෙන ගිහින් නගෙ

නිසසල රැයෙ තනි යහනෙ ගුවන බලා
වැතිරුණු නමුදු මගෙ හදවත අවදි වෙලා
පෙම්බර නුඹෙ වත දිස්වෙයි සිනහා සලා
ඒබැවින් නින්ද මා අතහැර ගිහින් පලා

බැලු බැලු හැම අතෙ කළුවර පලාගෙන
මතුවෙන නුඹෙ මදහස දෙස බලාගෙන
තුන් තිස් පැයෙ වුව ඉමි නිදි වරාගෙන
හැබැහින් නුඹට ළං වෙන්නට හිතාගෙන

හැබැහින් වගෙමයි පෙනුනෙ නුඹෙ දසුන
වැසුමට බයයි නෙත, මැකිලා යාවිද සැණින
ලෙ.. වැල් පවා කකියනමුත් ඉවසගෙන
සිටිනෙමි පෙමියෙ නුඹ දෙස බලාගෙන

උදයෙම ළගට ඒන්නයි ඒක පැතුම මගෙ
පැය කිහිපයක නින්දක් තිබුණන් අගෙ
පෙරළෙමි වකුටු වෙමි කැරකෙමි බමරෙ වගෙ
මගෙ නිදි මතත් නුඹ අරගෙන ගිහින් නගෙ

Thursday 2 April 2009

සද නුඹ දුටුවාද.........?

ස‍දේ ..... සරා...... ස‍දේ...
මීට වසර
‍දෙහස් පන්සිය පනස් ‍‍ දෙකක‍‍ට ‍පෙර
ති‍ලෝ ගුරු බුදු සමිදු
සුමධුර වූ මධුර ම‍නෝහර වූ
ඒ උතුම් සදහම්
‍දෙසූ සම‍යේ...............
මම......,
‍කොතැන ‍කොයි ‍ලෙසින්
‍කො‍හොම හිටියද ?........
සුපුන් සද නුඹ
නුදුටු‍‍වෙද ම‍ගෙ
ඒ කා‍ලෙ ජීවිතය...............

බුදු සමිදු ළගටවත්
යාමට පවා ‍නොහැකිව
ලතැවි ලතැවී
දුක් විද විද
හඩා වැටි වැටී
ඉන්න ඇති මම......
අ‍‍නේ........,
පුන් ස‍දේ....නුඹ
නුදුටු‍වෙද ම‍ගෙ
ඒ කා‍ලෙ ජීවිතය...............

ආත්ම ගණනක්
දුකම විදිමින්
‍ගෙවා දමලා - සසර කත‍රේ
ලබා මිනිසත් බවක් ‍‍මෙලෙ‍සේ
‍සොයමි සැනසුම - සදා සැනසුම.......
අ‍නේ සද ඔබ
කිමද නිහඩව
කියන් හඩගා
ඇ‍සෙන විලසින්........
‍කෙබදු පාපද
‍කෙබදු කරුමද
‍ගෙවා දමමින්
එන්‍‍‍නෙ මෙ‍ලෙසේ.........
සැබෑ ‍‍ලෙස සද
නුදුටු‍වෙද නුඹ
ම‍‍ගේ ජීවය
‍ගෙවෙන අරුමය..........


- ඒ.එම්.සී.‍කේ.‍සෙනෙවිරත්න -