Tuesday 19 May 2009

සාමයෙ පරවියෝ පියඹති සතර අතේ........

මේ ලක් දෙරණෙ සියවස් ගණනකට පෙර
ඉතිහස් පොතේ ඇති පිටු දහසක් අතර
පියමං කරන විට හමුවන වරින් වර
විරුවනි,රණ බිමට පා නැගු සුපිංබර

උතුරින් හැඩි දෙමළු දකුණින් ගොළු මුහුද
නිදියාගන්න වකුටුව මට පුළුවන්ද
ඔබ පෙව් කිරට කවදා ණය ‍ ගෙවන්නද
කිව් හෙළ රජෙක් ගැන මම සිහිකරන්නද

අහරක් තිබුණාද කුස ගිණි දැණුන විට
හරියට දිය බිදක් ලැබුණද පිපාසෙට
ඒ ලෙස ගත කරපු හැටි තල් අරඹ යට
සිහිනෙන් පෙනෙනවද විරුවනි සැනැසෙන්ට

යුද පෙරමුණේ සතුරා කොයිබද සිටියේ
දෑසට වඩා දෙසවන ඈතට ඇරියේ
ගේ දොර ඉඩ කඩම් ගැන නැහැ වෙහෙසූයේ
ජය හිමිවන තුරුයි දුක් ගිණි ඉසිලූයේ

මතු ලක් දෙරණෙ උපදින හෙළ පැටවුන්ට
බිය සැක නැතිව හෙළ උරුමය රැකගන්ට
රණ බිම තුළදි වැගිරූ ලේ බිදුවලට
තුති මල් පිපේවා විරුවනි ඔබ නමට

කලකට පස්සෙ රන් වන් ඉතිහාස පොතේ
අකුරින් ලියා ගලපා ගත යුතුව ඇතේ
සාමයෙ පරවියෝ පියඹති සතර අතේ
සුන්දර සිනහ මල් දසතින් පිපී එතේ

-කුමාර සෙනෙවිරත්න-

No comments:

Post a Comment