Sunday 18 July 2010

වාවන්නෑ හද නුඹ ගැන මතකය...

ගෙවුණු අතීතය
සිහිපත් කරනෙමි
සැරයටියට වාරුව ගෙනදී......

මල් මල් මතකය
පෙළින් පෙළට එයි
කඳුළැලි දෙකොපුල රූරද්දී........

වෑහෙන කඳුළැලි
බින්දු බින්දු විත්
සසලව හදවත වැලපෙද්දී...........

වාවන්නෑ හද
නුඹ ගැන මතකය
හද පත්ලෙන් මගෙ නැග එද්දී................

Wednesday 14 July 2010

පහන් සිලක් දල්වන්නට දැඟලූ හැටි........

සැලෙන දෙපා යුග
බර කර තබනෙමි
සැරයටියට වාරුව ගෙනදී.............

නෙලාගත්තු සුදු
මල් මිට සැලි සැලි
සුවඳ හමයි පා ඔසොවද්දී.............

බොහෝ වෙලා ගොස්
පියෙන් පිය නඟා
නිසසල බුදුරුව අභියසදී................

පහන් සිලක් දල්වන්නට
දැඟලූ හැටි
මතකයි දෑතම වෙව්ලද්දී........