සිතුවිලි පියස
හද විලෙහි මෝදුවන අනන්ත වූ සිතුවිලි විකසිතවන සුවඳවත් තෝතැන්න
Sunday, 18 July 2010
වාවන්නෑ හද නුඹ ගැන මතකය...
ගෙවුණු අතීතය
සිහිපත් කරනෙමි
සැරයටියට වාරුව ගෙනදී......
මල් මල් මතකය
පෙළින් පෙළට එයි
කඳුළැලි දෙකොපුල රූරද්දී........
වෑහෙන කඳුළැලි
බින්දු බින්දු විත්
සසලව හදවත වැලපෙද්දී...........
වාවන්නෑ හද
නුඹ ගැන මතකය
හද පත්ලෙන් මගෙ නැග එද්දී................
Wednesday, 14 July 2010
පහන් සිලක් දල්වන්නට දැඟලූ හැටි........
සැලෙන දෙපා යුග
බර කර තබනෙමි
සැරයටියට වාරුව ගෙනදී.............
නෙලාගත්තු සුදු
මල් මිට සැලි සැලි
සුවඳ හමයි පා ඔසොවද්දී.............
බොහෝ වෙලා ගොස්
පියෙන් පිය නඟා
නිසසල බුදුරුව අභියසදී................
පහන් සිලක් දල්වන්නට
දැඟලූ හැටි
මතකයි දෑතම වෙව්ලද්දී........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)