Sunday, 12 December 2010

දුරින් ඉඳන් පෙම්කරන්ට.........

සඳ පායපු ලස්සන රෑ
ගිය මාසේ පහු උනාට
වළාකුලින් බර අහසේ
බැරිවුණි එය බලාගන්ට
හිත් අසසේ මගේ ලොවේ
මා අසලින් නැතිවුනාට
මං ආසයි ඔබත් එක්ක
දුරින හිඳන් පෙම්කරන්ට

Friday, 10 December 2010

ආදර සිත මගේ තවමත් තරුණයි.........

හමුවෙන්නට
පෙරුම් පුරන්නෙමි
යන එන මාවත්වල
හැසිරෙන්නෙමි
ඔබගේ උදව්වට
නිතර බලන්නෙමි
එනමුදු තවමත්
ඔබව සොයන්නෙමි.........

සසරේ පෙර සිට
‍සෙව්වා මතකයි
කොයි මොහොතේ හෝ
හමුවෙනු නිසැකයි
හමුවෙන මොහොතේ
හඳුනාගන්නට
ආදර සිත මගේ
තවමත් තරුණයි...........

Wednesday, 8 December 2010

සසර වසනා සැම දිනේ..........

වන සංසිඳවමින් සහජීවනය සදමිනේ
සන යසට වෙමින් හදවතින් පිරිමදිමිනේ
කුමන දනය සපිරිවරවුව මෙමාහ කන් යොමමිනේ
මන අදින සප කරනෙමි සසර වසනා සැම දිනේ

මා අත කාසි නැත එනිසා මම තැවුනා ................

අතකට අතක් පානා
පොඩි දරුවා
වීදිය කොනේ දිව යන සැටි
මම දුටුවා
දැලි කුණු වැකුණු
කලිසම් පොඩියක් අඳවා
ඔබ සිටි ඉරියව්ව ‍
නෙතු කඳුළැලි ඉනුවා

මා අභියසට සපැමිණ
හසරුළි පානා
මැලියම් බැඳුණු දත්
කහ පැහැයෙන් දිලුනා
හසරැළි තුළින්
අවිහිංසක බව දැනුනා
මා අත කාසි නැත
එනිසා මම තැවුනා

Thursday, 2 December 2010

මල සහ වට්ටිය.......

ඔබ පහනක් වුවොත්
මුළු ලොවටම එළිය දෙන
මම පෙරුමන් පුරමි
එහි සිළුවක් වන්න
මල් කූඩයක් වුව හොත්
මුනිඳුන් පුදන
මල් ගොමුවක් වෙලා
එමි ඔබ හා යන්න...........

මම සිළුවක් වුනොත්
එක වරකදි පහනේ
නැවතත් වරක්
දැල්වෙන්නට බැහැනේ
උදයට පිපී තිබුණත්
මල් තුරු මුදුනේ
පරවුණු පසුව වට්ටියේ
කොතැනද තිබුනේ.............

Wednesday, 1 December 2010

සඳ පායනතුරු බලා හිඳින්නෙමි...........

සමනොල සිරසින්
බැස එන ගඟුලක
සිසිලස වින්දෙමි
හුඟ කලෙකින්.......

මල් පෙති විසිරුණු
නිල් තණ පියසෙක
පහස ලැබූවෙමි
හුඟ කලෙකින්...........

සඳ රැස් නැහැවී
දිලිසෙන කඳුමත
මිහිර දකින්නට
හුඟ කලෙකින්........

සඳ පායනතුරු
බලා හිඳින්නෙමි
වැසි දිය පිරි
මේ කුළු අතරින්...............

‍පායනතුරු හිඳිමි මෙහෙම........

වැඩ ඇරුනත් වෙලාසනින්
මඟට බහින්නට විදිහක් නෑ
අඳුරු වලා අහස පුරා
ගිගුම් දි දී
මහ පොළවට කඩා වදී............

එක දිගටම මේ විදිහට
වහින වැස්සෙ තෙමී ගිහින්
මට හැදෙනා
පොඩි පොඩි ලෙඩ
බැහැ නොවැ දැන් දරාගන්ට............

එදා හිටං මගේ ළඟින්
පිහිටට සිටි නුඹවත් නැහැ
මගේ ළඟින් මුමුණ මුමුණ
මඟ දිගටම හිනාවෙවී
අපි දෙන්නා කී සැරයක්
යන්න එන්න ඇතිද එකට..............

ඇයි නුඹ අද වැඩට නාවේ
මට පාළුයි මට පාළුයි
මේ වැස්සෙ තෙමෙන්ට බැහැ
පායනතුරු හිඳිමි මෙහෙම.............