![]() |
| This is my Room... Or... Ah.. Ah... Haaa.. Yes.... yeh... yeeehhh yeeehhh A day Will Come I 'll also Go to to My Drweams.... Or Or Yes Yes This is my Room... - Kumara senevirathna - |
සිතුවිලි පියස
හද විලෙහි මෝදුවන අනන්ත වූ සිතුවිලි විකසිතවන සුවඳවත් තෝතැන්න
Wednesday, 29 April 2026
My Dreams
Tuesday, 28 April 2026
යළි යළි යළිත් අවදිව..
පොතක් අතට අරගෙන කියවගෙන යද්දී මමත් බ්ලොගෙකක් කරගෙන ගියා කියල මතක් උනා ඒ පොතේ ලියා තිබුණු සමහර සමහර යෙදුම් එක්ක .. මගේ බ්ලොග් එකේ නම "සිතුවිලි පියස." පටන්ගත්තකාලෙ සෑහෙන උනන්දුවකින් කරගෙන ගියාට මොකෝ 2014න් පස්සෙම අලුත්කරන්නවත් අලුතෙන් මොකුත් ලියන්නවත් වෙලාවක් මට උදාවෙලාම තිබ්බෙ නැත්තෙ ඇයි කියල මං ඒ මොහොතේම කල්පනා කළා..
වසර කීයක්ද?
නිදහසේ මා මනසේ ඉපිද නැසී දෝරගලාගිය දස දහසක් නෙවෙයි ලක්ෂ කෝටිගානක් කවි පද, නිසදැස් විතරක්ම නෙවෙයි දෙයියනේ සදැස්, කෙටි කතා කොපමණ විය හැකිද?
පහුවදාම මම කොම්පියුටරේ ගාවට ගිහින් මගෙ පරණ බ්ලොග් එක හොයාගන්න උත්සාහ කළා.. කොම්පියුටර් වැඩ දන්න සදුනි නංගියි මාධව මල්ලියි දෙන්න මට උදව් කළා. ඉතිං ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අද මං නැවතත් මේ සටහන තබන්නෙ... ආ ඊයෙ දවසෙ පොඩි නිසදැසක් සටහන්කළා...
"නිස්කලංක වූ විරාමයකදී
ඇසිල්ලකින් සිත් විල්හි
මෝදුව
පිපී සුගන්ධය විහිදුවා
අමතකව - පරව යන
සිතුවිල්ලකට
පරව යාමට නොදී
සුවහසක් රසව්තුන්ගේ
රසවතියන්ගේ
රසවින්දනය
උදෙසාම
'සිතුවිලි පියසට'
රොක් කරන්නෙමි
නිබද සෙනෙහසින්..
- චම්පික කුමාර සෙනෙවිරත්න -
Monday, 27 April 2026
සුපැතුම් ... උපන් දින..
දුර ගෙවු වසරක
සුබ පතන්නට උපන් දිනයට
නෙතු අයා සිටි සද
නොපමිණියේ කිමද
මා දෑස් මානයට...
නෙතු කෙවෙනි තෙමාලූ
උණු කදුලු බුබුලු කැට
කැටි ගැසී කොපුල්තල
තෙමාලූ බව සැබවි
බලාහුන්කළ
එතැයි ඔබ පෙර මග...
Friday, 19 December 2014
ආදරය
පෙන්වමි දිනෙක දෝතින් මගෙ තුරුලෙ තියන්
ආදර නදිය හරවා කිරි සයුර මැදින්
සුදු පරෙවියන් යුවලක් වෙමු බැඳුණු පෙමින්
පෙර මඟ බලා හිඳිමි
දෑස් කෙවෙනි රිදුම් දෙන තුරු
කඳුළු බිඳු නෙතගින් පනිනද්දී
විවරව කවුළු පියන්පත්
ඉකි බිඳී යෞවනය
ගෙවී යන නිසාවෙන්
නුඹ නොමැත
රිදුම් දෙන ඉසව්වේ....
Wednesday, 10 December 2014
සියපත ද වියත් ය
ඇඟව ගොසින් ය....
ඔබ මොබ සැරි සැරූ
බමරිඳු ද නිහඬ ය.....
පෙරඹරෙහි අවදිව
විහිදුවා සියපත්
බමරිඳු වඩින තෙක්
ප්‍රමුදිතව
විකසිතව හිඳි
සියපත ද
වියපත් ය....
Tuesday, 29 April 2014
කයෙහි බැරිකම කිමැයි....
සටහන් කරන්නට සිතට ආ යමක්...
වාඩිගත් මොහොතේ...
පරිගණකය අභියස..
රිදුම් දුන් හදවතම...
ඉරිතලයි දසැගිලි තුඩම...
වාරු නැති දෙපා යුග...
තතනයි රැදෙන්නට නුඹ අභියසම...
කිමදැයි නොදන්නෙමි...
කයෙහි ඇති මේ...
බැරිකම....
