Thursday, 30 April 2026

නොපිරූ පාරමී...

නෙතුමායිමේ කොනකට හෝ

නොදැක ඉන්නට 

සීමිතම දිනකට වඩා

නොලැබූ ඉසිඹු සද.....

කෙවෙනි නෙතු පියවැසූ

උණු කදුළු වියලවයි

ගගණයේ පාව සපැමිණි

නුඹේ කිංකිණිය...

මන්දාකිණිය පරයන

මනස්කුස් පුරවන

උදය නෙතු කැල්ම 

දෙස බලා

පිරීමට පාරමී

කොහිද කෙනෙකුන් නොපිරූ...

- චම්පික කුමාර සෙනෙවිරත්න -



















No comments:

Post a Comment