Tuesday, 29 April 2014

කයෙහි බැරිකම කිමැයි....

විඩාපත් ඇගිලි තුඩගින්....
සටහන් කරන්නට සිතට ආ යමක්...
වාඩිගත් මොහොතේ...
පරිගණකය අභියස..
රිදුම් දුන් හදවතම...
ඉරිතලයි දසැගිලි තුඩම...
වාරු නැති දෙපා යුග...
තතනයි රැදෙන්නට නුඹ අභියසම...
කිමදැයි නොදන්නෙමි...
කයෙහි ඇති මේ...
බැරිකම....
කිමද මා සිත....
මේ උමතුවෙන් මෙන්.....
ඉකි ගසා වැළපෙමින්...
සිනා සලමින් දසන් අතරින්.....
මදහසද...
කොක් හඩද...
විදුලියක් මෙන්....
වහා දැවෙමින්.....
යටපත් කරමින්...
මහා වේදනාවන්....
වැව් පත්ලක ඇති රොන් මඩක්සේ.....
හසරැළි නංවයි දිය රැළි විලසේ....

Tuesday, 2 July 2013

my mouth

I like to seebut I haven't eyesI like to lessenbut I haven't earsI like to speakthen I have a mouthandany wordsin my memory.....


Thursday, 30 May 2013

මල් වැටුණු පාර දිගේ
තණ පිඩැලි නෙක හිස හොවාන....
මා එන තුරු බලන් හිටියා
පෙර එක් සැන්දෑවක.....

දහසක් පා යුග අතරින්
උස ලොකු බර අඩි අතරේ
මිරිවැඩි සඟලට උරුම නැති
මගේ නිරාවරණ දෙපතුල
සිනිඳු සුසිනිඳු තණපතෙකින්
පිස දමන්නට
පුංචි තණ පඳුරේ නුඹ
බලා සිටියා
බලා සිටියා....
මම දනිමි.....

Monday, 18 March 2013

දුනිමි මම දානයක්......

එනවිට උදෑසන මම වේගෙන් වැඩට
නෙත නැවතුනා අසලක දැවටුණු රුවට
පෙර කළ ඇසුර ගලනා විට හද ගැබට
පසුකර යන්න බැරි බව දැනුනා පයට

යන මඟ අතැර නැවතී ආපසු බැලුවා
නුඹ වක ගසාගෙන නිදියාගෙන හිටියා
පින්නෙන් සීතලෙන් පීඩාවන් ඉවසා
කුසගිණී ඉවසගෙන ඉන්නා හැටි දුටුවා

පුංචිම කාලේ නුඹ දැක්කට පස්සේ
අද වන විටදි ගතවන විට හැම තිස්සේ
ගෙදරින් ආවේ කෙලෙසද පැනගෙන රිස්සේ
මට නුඹ ගැන දුකකි නෙතු කඳුළැලි බැස්සේ

ටොමියෝ ටොමියො කියලා මම කතාකළා
වැසු නෙතු පියන් හැර පොඩි බැල්මක්  හෙලලා
නිදි ගැට කඩාගෙන පැන වලිගය  වනලා
හඳුනා ගත්තෙ මම පෙර මිතුරෙක් කියලා

දෙකකුල් මගේ ලෙවකාගෙන යන කලට
පෙර මිතු දමින් මතු වූ සෙනෙහස් සිතට
කුස ගිණි නිසා වැහැරුණු ඒ බලු කයට
බත් පත දිගැර දී මම ආවෙමි වැඩට



Wednesday, 2 January 2013

පිණි විසිරයයි...

හද විල් තලයේ
විකසිත කුසුමෙකි
පිණි බිදු පෙතිමත
හසරැළි නංවන
හිරු විකසිත වී
කිරණ හලන සද
මා අතහැර පිණි
ඈතක යනු ඇත.

Tuesday, 18 December 2012

මා සනසයි....

මම දන්නැ
මේ විදිහට
ලියන්න මට
හිතුනෙ ඇයිද
මට මතකයි
එක දවසක්
නුඹ කීවා.......
මගේ වදන්
ලස්සන බව.....
නුඹගෙ වදන 
හිත ඇදිලා
තවමත්
මා සිත 
සනසයි.....
ඒ වදනින්
ලද ජීවය
මියෙන තුරුම 
මා සනසයි....