Saturday, 24 December 2011
මා හද නුඹ ළඟට පනී
සීතල රැෙයක වුව උණුසුම හදට දැනී
සියොලඟ සලිත වී අැති බව යයි ෙමමට දැනී
නුඹ ළඟ සිටියනම් කරනා ෙදය මම ෙනාදනී
පැහැසර කිකිළිෙය් මා හද නුඹ ළඟට පනී
Monday, 19 December 2011
ඉකිබිඳුම
පා යුග නගද්දී මා සිප් හල ඇතුලේ
නෙතඟින් හෙලු බැල්මකින් මා හද උමතු කලේ
ඔබ යනෙනා තැනට මා නෙත ගමන් කලේ
වදනින් දෙකෙන් මගෙ ලෝකය වෙනස් කලේ
ටියුෂන් යන්න මම අවසර ගත්ත බලෙන්
නුඹ හා පෙමින් ඉන්නට හැකි උනා ඉතින්
ටියුෂන් එකත් කට් කර කර ගමන් ගිහින්
අද යව්වනය පියඹයි මගේ කඳුළු මතින්
සංසාරය මෙහෙමමයි කියලා අපි හිතුවාට
පාසැල් නොගොස් නුඹ හා පෙම් කෙලියාට
දසකඩ මස පිරෙන්නට තව කල් තිබුනාට
අම්මේ සමාවුව මැන දුක දුන්නාට
අම්මා තාත්තා ගුරුවර ගුරුවරියෝ
සිහිවන විටදි මා ළඟ සිටි සුමිතුරියෝ
සමනල ලොවක මා තනිවම සැරිසැරියෝ
නුඹලා ලඟට දැන්නම් එන්නට බැරියෝ
කළා අනුවණ කමක්
නොවිමසා කිසිවක්
අනේ මගේ නැගණියක්
එසේ නොකරනු මැනවි කිසිවක්
නෙතඟින් හෙලු බැල්මකින් මා හද උමතු කලේ
ඔබ යනෙනා තැනට මා නෙත ගමන් කලේ
වදනින් දෙකෙන් මගෙ ලෝකය වෙනස් කලේ
ටියුෂන් යන්න මම අවසර ගත්ත බලෙන්
නුඹ හා පෙමින් ඉන්නට හැකි උනා ඉතින්
ටියුෂන් එකත් කට් කර කර ගමන් ගිහින්
අද යව්වනය පියඹයි මගේ කඳුළු මතින්
සංසාරය මෙහෙමමයි කියලා අපි හිතුවාට
පාසැල් නොගොස් නුඹ හා පෙම් කෙලියාට
දසකඩ මස පිරෙන්නට තව කල් තිබුනාට
අම්මේ සමාවුව මැන දුක දුන්නාට
අම්මා තාත්තා ගුරුවර ගුරුවරියෝ
සිහිවන විටදි මා ළඟ සිටි සුමිතුරියෝ
සමනල ලොවක මා තනිවම සැරිසැරියෝ
නුඹලා ලඟට දැන්නම් එන්නට බැරියෝ
කළා අනුවණ කමක්
නොවිමසා කිසිවක්
අනේ මගේ නැගණියක්
එසේ නොකරනු මැනවි කිසිවක්
Friday, 18 November 2011
නුෙඹ හද මඩල.............
විකසිත කුසුමක ෙරාන්සුණු අතරේ...
තුඩගින් හෙමිහිට කලතන ෙමාෙහාෙත්
හදවත කැලෙතන සුමිහිරි හැඟුමන්
කෙලෙසද සවනට ෙකාදුරන්ෙන්......
මල්සර දුන්ෙන් මල් හී පහරින්
ළය මත සිදුරක් අැතිවීෙදා්
ඒතුළින් ගලනා අාදර දියවර
නුෙඹ හද මඩලම නහවයිෙදා්........
Saturday, 24 September 2011
කළ යුතු යමක් ඇතිද.......
මා ආ මඟේ පෙර කිසිදා දැක නොමැතී
සිදුවීමක් තිබේ හදවත පතුලෙහි නැවතී
පිංබර නුඹේ දෙනුවන යොමු කර රිසිතී
කළ යුතු යමක් ඇති දැයි බලනුද විමතී
බෝ පුද පිණිස
තෙල් මල් රැස
ගෙන විගස
ගයා හිස.....
අසුන පිරිසිදු කරමින්
මල් අසුරමින්
පහන් දල්වමින්
වතාවත් නිති කරමින්.....
ගත වූ නිමේෂයේ
දරු පැටියා මයේ
පංසල් සුනඛ මුඛයේ
ගැටී හැඩු හැටි මතක හිටියේ....
කල් යල් නොබලාම
දෑතට අරං පෙර සේම
හද නැගුණු දරු පෙම
නිසා දිව ගියා නොදැනිම.....
දොස්තරට පෙන්නුවා
ඉස්පිරිතාලේ ඉන්දුවා
බෙහෙත් ගැන දැක්වුවා
විසි එකක් විද්දුවා...
අනේ මගෙ දරුවා
මර හඩ දි දී හැඩුවා
මගේ හදවත දෙදරුවා
මක් කරන්නද හිතුවා.....
බෝධිය අසලකදී
සුපිංවත් බිමකදී
කරදරයකට මුදලදී
කුමන කරුමෙද අපට පලදී...
අනේ හාමුදුරුවනේ
නුඹගෙ බලු රෑනේ
හයිය පෙන්නූ සීනේ
නිසා පංසල් එන්නෙ නෑනේ.....
Thursday, 22 September 2011
නවමු මිහිරක් නොලැබුණිද සඳ.........
මිරිඟුවෙහි රැඳි සිහිල් දියවර
දෑස් කෙවෙනිය වසා සනසයි.....
උමතුවෙන් නැගි ලතා තුරු හිස්
නොදැන මංපෙත් අතර හැසිරෙයි.....
සරා සඳ කඳු මතින් නැගි සඳ
නුරා කැල්මන් දසත පතුරයි......
මලින් ගිලිහුණු විහඟ රෑනක්
සොමි දියෙන් නැහැවී හඩයි.......
පෙරඹරින් හිරු කිරණ විහිදා
නව දිනක දොර විවර වන විට....
කෙමි තුළින් පිට පනින කුසුමන්
නව ලොවට හිනැහී එබෙන විට....
පියුම් ගීතය සවන වැකෙනා
නිදි වරවු මත්වූ බිඟුන් හට...
නවමු මිහිරක් නොලැබුණිද සඳ
පවසමි ඒ බැව් මෙමා කෙලෙසකට.......
Wednesday, 21 September 2011
මම තනිවම මෙහි හැඩුවා........
ආදරයට කියන වදන්
දෙසවන් ළඟ රැවි දෙන විට
දෙනයන මගේ රුව සොයලා
සැම දිසාවේ දිව යන විට
නුඹෙ උණුහුම සොයන රැයෙක
ළඟින් නොයිඳ දුර සිටියට
මම තරහද නුඹත් එක්ක
මා වෙනුවෙන් දිවි රැක්කට........
පෙම් වදනට එස් එම් එස්
කණින් කොණින් මම බැලුවා
නුඹේ රුවට පොටෝ එවපු
පොටෝ ටිකත් මම බැලුවා
නුඹ තනියම මාවත ළඟ
සිටගෙන සිටි හැටු දුටුවා
අනේ නගේ නුඹ ළඟ නැති
මම තනිවම මෙහි හැඩුවා......
Wednesday, 7 September 2011
නුදුටු මිතුරියට........
සුවඳක් දැනී නැහැපුඩු මගේ හඩන විට
දෙනුවන් සොයයි සැම අත නුඹ දකින්නට
හදවත සැම විටම නුඹ හඩ අසන්නට
පැහැදී සැදී ඇතිබව ගනු සිහියකට.....
Subscribe to:
Posts (Atom)