හෝටලයක
පිටිපස්සේ
කරාමයක් ළඟ
ඉඳගෙන
ගොඩට තියෙන
ඉඳුල් පිඟන්
ඉක්මනටම
හෝදනවා..........
මං වගේම
තවත් ළමෙක්
පාසැල වෙත
යන්නෙ නැතුව
සැරින් සැරේ
පිඟන් ගෙනත්
මගේ ළඟින්
ගොඩ කරනව..........
බිම් කලුවර වැඩි වෙද්දී
තුනටිය මගෙ කකියද්දී
ගොඩක් පිඟන් හේදුව පසු
කුස්සිය පැත්තට පැනගෙන
තියෙන දෙයින් කුස පුරවන්
මුදලාලි දෙන සොච්චම
අම්මට ගෙනිහිං දෙනවා.......
කුලී වැඩක්
නැති දවසට
අම්මත් මොනවා කන්ද?
කාල බීල ඉන්න එපැයි
ඉගෙන ගන්න කවද බැරිද?
තාත්තවත් හිටියානං
මෙහෙම වෙන්නෙ නෑනේ පුතේ
පුළුවං විදිහට උඹනං
ඉගෙන ගන්න ඕනෑමයි......
Friday, 29 October 2010
Thursday, 28 October 2010
වඩේ දෙකක්වත් කන්නකො...........
පාසැල් ගොස්
ගෙදර ඇවිත්
අම්මට මම උදව්කලා........
ලිප ගාවම
වේලි වේලි
තෙල් හැළියක්
රත්කරගෙන
අම්ම බදින
වඩේ පොඩිය
විකුණන්නට
අරං එන්නෙ මං.........
තැබෑරුමෙන්
එළියට විත්
කට දෙපැත්ත
පිහදාගෙන
මං ගෙනාපු
වඩේ නොකා
අහක බලන්
යන්න එපා.......
හෙටට වඩේ
ගෙන එන්නට
පරිප්පු ඩිංගක්
අරගෙන
තෙල් පොඩ්ඩක්
තව අරගෙන
අම්මාගෙයි
මගෙයි කුසේ
දුක් ගින්දර
නිවා ගන්න...........
අරක්කු චුට්ටක්
බීගෙන
වඩේ දෙකක්වත්
කන්නකො.........
ගෙදර ඇවිත්
අම්මට මම උදව්කලා........
ලිප ගාවම
වේලි වේලි
තෙල් හැළියක්
රත්කරගෙන
අම්ම බදින
වඩේ පොඩිය
විකුණන්නට
අරං එන්නෙ මං.........
තැබෑරුමෙන්
එළියට විත්
කට දෙපැත්ත
පිහදාගෙන
මං ගෙනාපු
වඩේ නොකා
අහක බලන්
යන්න එපා.......
හෙටට වඩේ
ගෙන එන්නට
පරිප්පු ඩිංගක්
අරගෙන
තෙල් පොඩ්ඩක්
තව අරගෙන
අම්මාගෙයි
මගෙයි කුසේ
දුක් ගින්දර
නිවා ගන්න...........
අරක්කු චුට්ටක්
බීගෙන
වඩේ දෙකක්වත්
කන්නකො.........
ඉක්මණටම මම යනවා අම්මයි මල්ලියි ගාවට.......
වෙල් එළියේ නියර දිගේ
සරු ගොටුකොල
දඩු නෙලලා
මගේ අතින්
බැන්ද මිටිය
කුඩා වැඩිද
කුඩා වැඩිද............?
මල්ලි පැටිය
බඩගින්නේ
මම නැහැ
පාසැල් යන්නේ
අම්ම ගිහින්
කුලී වැඩට
ඇය එනතුරු
මගෙ මල්ලිව
ඇස් දෙක වගේ
බලා ගන්න
වෙන කවුරුත්
නැහැනෙ ඉතිං.....................
අම්මා ආ විට
ගෙපැළට
මම යනවා
වෙල පැත්තට
නියර දිගේ
දොළ අයිනේ
දළුලන පොඩි
ගොටුකොළ දඩු
නෙලාගන්න
නොලාගන්න.................
ඒව අරං වෙලට ගිහිං
මගේ අතින් සෝදාගෙන
මිටි බැඳලා පොඩි පොඩියට
පිරිසිදුවට මම ගෙනාවා
නෝන මහතුනේ ඔබලට
නෝන මහතුනේ ඔබලට..............
ගොඩක් වෙලා
ඉන්නට බැහැ
බිම් කළුවර
ගිලියි මාව
ඉක්මණටම මමයනවා
අම්මයි මල්ලියි ගාවට........
සරු ගොටුකොල
දඩු නෙලලා
මගේ අතින්
බැන්ද මිටිය
කුඩා වැඩිද
කුඩා වැඩිද............?
මල්ලි පැටිය
බඩගින්නේ
මම නැහැ
පාසැල් යන්නේ
අම්ම ගිහින්
කුලී වැඩට
ඇය එනතුරු
මගෙ මල්ලිව
ඇස් දෙක වගේ
බලා ගන්න
වෙන කවුරුත්
නැහැනෙ ඉතිං.....................
අම්මා ආ විට
ගෙපැළට
මම යනවා
වෙල පැත්තට
නියර දිගේ
දොළ අයිනේ
දළුලන පොඩි
ගොටුකොළ දඩු
නෙලාගන්න
නොලාගන්න.................
ඒව අරං වෙලට ගිහිං
මගේ අතින් සෝදාගෙන
මිටි බැඳලා පොඩි පොඩියට
පිරිසිදුවට මම ගෙනාවා
නෝන මහතුනේ ඔබලට
නෝන මහතුනේ ඔබලට..............
ගොඩක් වෙලා
ඉන්නට බැහැ
බිම් කළුවර
ගිලියි මාව
ඉක්මණටම මමයනවා
අම්මයි මල්ලියි ගාවට........
Tuesday, 26 October 2010
උරුම වූ තිළිණය..............
වෑ කණ්ඩියේ දොළ අයිනේ නියර දිගේ
දළු ලන පලා මිටි වෙයි වට්ටියෙහි ඇගේ
මහමෙර දරාගෙන ඈ යන ගමන් මගේ
දහදිය වැගිරුනා සුන්දර පබළු වගේ
වේලී ගස මතින් ගිලිහෙන පොල් අත්ත
ගස මුල තිබෙන වග මොහොතෙම දැනගත්ත
ඇය පිය නගන්නී කෙළවර සිට වත්ත
ගෙපැලෙහි පියස්සට වියලා බැඳ ගත්ත
බිම් කළුවර සමඟ උදයෙම නැගිටින්න
පුච්චන ආප්පය කඩයට ගෙනයන්න
මිටි බැඳි පලා අරගෙන ගොස් විකුණන්න
අය කඩිසර උනා ඇගෙ පැටියත් සුරකින්න
ඉර මුදුනට නැගෙන විට දහවලට
ඇය ගොස් හමාරය ගම්මානය වටට
පුතුගෙත් ඇගෙත් කුස ගින්දර නිවන්නට
යන්තම් හැකි උණා ඇය උපැයූ දෙයට
කොතරම් අඩු පාඩු තිබුණත් ඇගෙ ගෙපැලේ
ඇය නැහැ දරුවාට ඒවා උරුමකලේ
ගත දහදිය හෙලා පොඩි කර දඩු යදගු කලේ
වැඩිහිටි නිවසෙදී ඇය ඒ හැම මෙනෙහිකලේ
දළු ලන පලා මිටි වෙයි වට්ටියෙහි ඇගේ
මහමෙර දරාගෙන ඈ යන ගමන් මගේ
දහදිය වැගිරුනා සුන්දර පබළු වගේ
වේලී ගස මතින් ගිලිහෙන පොල් අත්ත
ගස මුල තිබෙන වග මොහොතෙම දැනගත්ත
ඇය පිය නගන්නී කෙළවර සිට වත්ත
ගෙපැලෙහි පියස්සට වියලා බැඳ ගත්ත
බිම් කළුවර සමඟ උදයෙම නැගිටින්න
පුච්චන ආප්පය කඩයට ගෙනයන්න
මිටි බැඳි පලා අරගෙන ගොස් විකුණන්න
අය කඩිසර උනා ඇගෙ පැටියත් සුරකින්න
ඉර මුදුනට නැගෙන විට දහවලට
ඇය ගොස් හමාරය ගම්මානය වටට
පුතුගෙත් ඇගෙත් කුස ගින්දර නිවන්නට
යන්තම් හැකි උණා ඇය උපැයූ දෙයට
කොතරම් අඩු පාඩු තිබුණත් ඇගෙ ගෙපැලේ
ඇය නැහැ දරුවාට ඒවා උරුමකලේ
ගත දහදිය හෙලා පොඩි කර දඩු යදගු කලේ
වැඩිහිටි නිවසෙදී ඇය ඒ හැම මෙනෙහිකලේ
Monday, 25 October 2010
සංවර්ධනය
වන මල් පිපෙන
සුන්දර ගම් පියස්සක
හිරු රැස් පෙරා
ගලනා මෘදු වළාමත
සැඟවී බලා ඉන්නෙමි
සිමෙන්ති වැලි
ගල් මතින්
වන පියස
තුරන්වී
උදාවන සැටි
සංවර්ධනය.............
Thursday, 14 October 2010
පිං ඇත රත්තියේ.....
මවගේ ඇකයේ
උණුසුම විඳිමින්
ඇගේ තනයෙන්
කිරි බිඳක් උරන්නට.......
දරු සෙනෙහස
ඉහ වහා ගිහිල්ලා
සුදට හැරෙන
රත් පැහැති
රුධිරයෙන්
බිඳක් පෙරා
මා කුසට පොවන්නට
අවසර දුන්නට
පිං ඇත රත්තියෙ
අම්මා නැති මං
ජීවත් කෙරුවට.......
ඉගෙන ගනිං පැටවුනේ..........
දැනුම ලබන්නට
පියවර ඔසොවමි
පාසැල් මෑණියගේ
තුරුල්ලට.....
එනමුදු සොයනා
දැනුම ඒ ලෙසින්
ලැබෙන්වාද
පවසමිද කෙලෙසකට.........
ගුරුකම මුදලට
යටවී පෑගී
අන්ත අසරණව
මිය යමින් තිබෙනවිට............
කාසි පණම්
අත ඇත්නම් දරුවෙනි
ටියුෂන් කඩ ඇත
මුළු රට වටකොට...........
ඒවට නොගිහින්
විභාග ගත්තට
කිසිම වැඩක් නැහැ
කියනු බලා........
වතු පිටි ගේ දොර
උකසට තියලා
දෙමව්පියෝ
දහ දුක් විඳලා........
කන බොන දේවල්
පවා ඉවතලා
පොත් පත් ටික
අරගෙන දීලා.........
නුඹලා එවනා
නිසාම පැටවුනි
ඉගෙන ගනිං
මුළු වැර යොදලා.................
Subscribe to:
Posts (Atom)