කුමාර......කුමාර...
කුණු කූඩෙ ගෙනියන්න
මේසෙ පිහදාගන්න
යන - එන
ලිපි ගොනු අරං
මේසයෙන් මේසයට
එහාටත් මෙහාටත්
වරක් දෙකක් නොව
සිය දහස් වාරයක්
කොයිතරම් දිව ගියත්
නැහැ නොවැ නිදහසක්
කුමාර.........කුමාර
ලිපි ගොනුව නිවැරදිව
පිළිවෙලට බැදගන්න
රාක්කය පුරා ඇති
විවිධ ලිපි ගොනු වර්ග
එකින් එක පෙලින් පෙල
ලස්සනට අහුරන්න
ලිපියකට අනු පිටපතක්
මොකක්හරි වෙන වැඩක්
නිවැරදිව පැහැදිලිව
කඩිනමින් කරගන්න
සැම දෙනම සැම අතින්
සැම විටම හඩගසයි
කුමාර......කුමාර
උදේ පටං රෑවනතුරු
දවස පුරා
එකම ලෙසින්
දිව යන මුත් ඔපිස් එකක
හිසට කිරුළ අහිමිවගිය
කුමාරයෙක් වෙමිය මමත්...
Monday, 31 August 2009
Thursday, 16 July 2009
Thursday, 2 July 2009
Tuesday, 19 May 2009
නොබියව නිදමි...
පේදුරු තුඩුව මස්තකයේ
සිරස තියා
නිලාවැලිය පුත්තලමට
දෑත යවා
දෙපතුල
දෙවුන්දර තුඩුවෙන්
මුහුදෙ හොවා
නිදියන්නට හැකිය
නොබියව
දෙනෙත පියා....
සිරස තියා
නිලාවැලිය පුත්තලමට
දෑත යවා
දෙපතුල
දෙවුන්දර තුඩුවෙන්
මුහුදෙ හොවා
නිදියන්නට හැකිය
නොබියව
දෙනෙත පියා....
Subscribe to:
Posts (Atom)



