හදතුළ තෙරපෙන දහසක් සිතුවිලිබැහැ නොවැ පත් ඉරුවට ගන්ට..............
මනාපයට පොරකන විට
මිතුරාවුව බැහැ ඉවසන්ට................
මිතුරා පස මිතුරා කර
ගෙයින් ගෙයට පිය මැන යන්ට..............
වෙන්කළ කාලය අවසන්වී ඇත
ඒක මදැයි මට සැනසෙන්ට...........
කලක් ළඟින් දුකට සැපට
එකට හිටිය මගේ මිතුරා.............
මගේ දුරුවලතැන් හොඳින් දන්නවා
කණින් කණට ඌ යයි කොඳුරා...........
මගේ වටේ තිබු සියළු මනාපත්
ඒකෙන් අරගත්තේ උදුරා............
කරන්න මට කිසිම දෙයක් නෑ
ඌ පර මක්කන් වඳුරා....................
පන්සල පල්ලිය කෝවිල් හැමතැන
වැඳගෙන මම පැතුමන් පැතුවා.............
මොනවා කිව්වද මම නම් දන්නෑ
එනමුත් මම වැඳගෙන හිතුවා..............
මේ එන ඡන්දෙදි මනාප ලැබුනොත්
ඉහලින් මම එය සමරනවා.................
මට බැන බැන ගිය හැම එකාම
බෙල්ලෙන් ඇදගෙන මම යනවා..............